Thursday, May 24, 2012

වතුර තුවක්කුව - 01

කලින් "ජනප්‍රිය කෙනා" කතාව වගේ නෙමේ. මේ කතාව සම්පූර්නයෙන් ඩයරියේ ලියලා තිබ්බා. කලින් "ජනප්‍රිය කෙනා" කතාවේ 95% ක් විතර ලිව්වේ මතකයෙන්. 
හරි මේ වැඩේ උනේ මම නවය වසරේ ඉන්දැද්දි. ඒ කාලේ මම ඉස්කොලේ ගියේ ස්කූල් වෑන් එකකින්. අපේ ඉස්කොලේ ලමයි එකේ 8 ක් විතර හිටියා. වෙන ඉස්කෝලවල ලමයි පවා හිටියා. මම වෑන් එකේ ඉඳගත්තේ ඩ්‍රයිවර් සීට් එකට සීට්  1 ක් පිටිපස්සේ. ඒ කිව්වේ වෑන් එකේ දොර ලඟ තියෙන සීට් එකට පිටිපස්සේ සීට් එකේ. මාත් එක්ක සීට් එකේ ඉඳගත්තේ සුමුදු කියලා නංගි කෙනෙකුයි මගේ හොඳම යාලුවා පවිත්‍රියි. ඒ දෙන්නම මගේ ඉස්කොලේ. මම ඉඳගත්තේ දොර පැත්තේ. සුමුදු මැද. පවිත්‍රි අනෙක් අයිනේ.අපේ සීට් එකට ඉස්සරහ දොර ලඟ සීට් එකේ හිටියේ පිරිමි ලමයි විතරයි. (ඒ ඔක්කොම හැබැයි මටයි පවිත්‍රිටයි වඩා බාල අය. :P)
ඉස්කොලේ ඇරුනට පස්සේ අපේ ඉස්කොලේ අයයි , වෙන ගෑනු ලමයිගේ ඉස්කෝලවල අයයි ගත්තට පස්සේ තමයි පිරිමි ලමයිව ගන්න ඒ ඉස්කෝල පැත්තට යන්නේ. ඔය එක පිරිමි ඉස්කෝලෙකට යන අපේ වෑන් එකේ මල්ලිලා 3දෙනෙක් වෑන් එක එනකන් ඉන්නේ ඒ ඉස්කොලේ තියෙන පාරේ තියෙන අරලිය ගහක් කිට්‍ටුව. මේ අරලිය ගහ ලඟ ගොඩක් ලමයි ඉන්නවා. ලොකු අයියලාගේ ඉඳලා 1 වසරේ පොඩි කට්ටිය වෙනකම් වයස් වල අය. ඉතින් කාලෙක ඉඳන් ඔය අරලිය ගහ ලඟ ඉන්න අයියලා කට්ටියක් අපේ වෑන් එක නැවැත්තුවාම අපේ සීට් එකේ අයට සද්ද දානව. අපිත් ඉතින් මුලින් ඇහෙන්නේ නෑ වගේ හිටියා.
ඉතින් ඔහොම කාලේ ගිහිල්ලා නොවැම්බර් මාසෙත් ආවා. 
මේ කාලේම තමයි සුමුදු නංගි එයාගේ වතුර තුවක්කුව ගෙනාවේ. ඉතින් මටයි පවිත්‍රිටයි සුමුදුට මේ වතුර තුවක්කුවෙන් කාට හරි වතුර ගහන්න පුදුම ආසාවක් තිබ්බේ. හැබයි මේ වතුර තුවක්කුවෙන් ගොඩක් දුරට වතුර විද්දට , හීනි වතුර පාරක් තමයි එලියට විදින්නේ. කොහොම හරි කමක් නෑ කියලා අපි දවසක් ලෑස්ති උනා කාට හරි වතුර ගහන්න. එදා සිකුරාදා දවසක්. ඉස්කොලේ ඇරුනට පස්සේ වෑන් එකට නැගලා වතුර තුවක්කුවට වතුර පුරවලා එහෙම ලෑස්ති වුනා. හැබැයි ප්‍රශ්න දෙකක්. කාටද ගහන්නේ? කවුද වතුර ගහන්නේඅපි වතුර ගහන්න ලැස්ති උනේ අපිට අර සද්ද දාන අයියලා කට්ටියට . අපි ඒ කට්ටියේ ලීඩ්ර් වගේ හිටපු කෙනාට කිව්වේ "බයිටා" කියලා. හික් හික්
ඉතින් බයිටා තමයි ටාගට් එක. ඔන්න පවිත්‍රි බාරගත්තා වතුර ගහන්න. මොකද එයා වෑන් එකේ ඉඳන් ඉන්නේ මම වගේ දොර පැත්තේ නෙමේ නිසා එයාට මටයි සුමුදුට කවර් වෙලා වතුර ගහන්න පුලුවන් නේ. ඔන්න වෑන් එක  කිට්‍ටු උනා අර ඉස්කෝලේ පැත්තට . පවිත්‍රි බයිටාට වතුර ගහන්න ලැස්ති උනා. වෑන් එක අරලිය ගහ ලඟට ගියා. පවිත්‍රි අපේ වෑන් එකේ මල්ලිලා ටික වෑන් එක ලඟට එන්න ඉස්සෙල්ලා මෙන්න වතුර ගැහුවා. හරියටම බයිටගේ ෂර්ට් එකට වැදුනේ. බයිටා ඇතුලු අයියලා සෙට් එකම එක පාරටම වෑන් එක වට කරගත්තා. මමනේ දොර අයිනේ ඉන්නේ. අපේ වෑන් එකේ මල්ලිලා ටික දොර ඇරලා නැග්ගා විතරයි බයිටා එතනට ඇවිත් දොර වහන්නේ දෙන්නේ නැතුව දොර අල්ල ගත්තා.
 ඊට පස්සේ මගේන් භයානක look එකක් දාලා ඇහුවා "කවුද වතුර ගැහුවේ?" මට ඒ වෙලාවේ තිබ්බ බය මතක් වෙද්දි අම්මෝ ... කොහොම හරි පවිත්‍රි වතුර තුවක්කුව හංගලා තිබ්බේ. එක නිසා කවුද ගැහුවේ කියලා හොයා ගත්තේ නෑ. ඉතින් අපේ වෑන් අංකල් අයියලා කට්ටියට බැන්නට පස්සේ දොර වහලා දැම්මා. ඒත් බයිටා කිව්වා අපිව පස්සේ අල්ලගන්නම් කියලා. බුදු අම්මෝ ! 99න් බේරුනේ.  

ඉතිරි කොටස ඊලඟ පොස්ට් එකෙන්...





19 comments:

  1. මෙයාල හෙන චන්ඩි වැඩනෙ කරලා තියෙන්නේ :P මේවා කියවද්දී අර හරි පුදුම ඉස්කෝලේ පොත් සෙට් එක මතක් වෙනවා.. බලමුකෝ ඊලඟට මොකද වෙන්නේ කියලා :P

    ReplyDelete
    Replies
    1. හික් හික් අපි ඒ කාලේ එහෙම තමයි :D

      Delete
  2. වෑන් එක අද්දද්දි ගහන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. අපි ඒ වෙලාවේ හදිස්සි උනා වැඩියි ...

      Delete
    2. හැදී මිටෙනේ මොලේ :D

      Delete
    3. අපි පුංචි ලමයිනේ ඒ කාලේ :(

      Delete
    4. පොඩියි ලොකුයි කියලා වෙනසක් නෑ.. කාන්තා පක්සෙට ඔය වගේ එව්වා කොරන්ට අමාරුයි..

      word verification අයින් කරපියෝ

      Delete
    5. අපි ඕන තරම් වතුර ගහලා තියෙනවා හරි ටාගට් එකට :-| word verification අයින් කලා

      Delete
  3. මේ වගේ කොලු කෙලි වැඩ කිරීමේ කිසිම වැරද්දක් නැහැ. එහෙම නොකරානම් ඒක ළමා කාලය නවෙයි. මම කියන්නම් මගේ අත්දැකීමක්. දිග වැඩිනම් පල කරන්න එපා.

    මේ සිද්ධිය වුනේ 2000 වර්ෂයේදී විතර කියලයි මට මතක. මම යුද බිමේ සිට කෙටි නිවාඩුවක් ලබා ගෙදර ඇවිත් ආපහු යනවා. මට කඳවුරෙන් එදා ලබාදී තිබුනේ සුදුපාට ඩෙලිකා වෑන් එකක්. ඒකේ යුහ නොම්මර තහඩුව ගසා තිබුනත්, වෑන් එකක් නිසා එච්චර කාගේවත් අවධානයට ලක්වෙන්නේ නැහැ. මම අනුරාධපුරයට ලඟා වෙමින් සිටියදී මම දැක්කා ඩොල්ෆින් වර්ගයේ වෑන් එකක් මට ඉදිරියෙන් යනවා. එහි යන්නේ වන්දනා හෝ විනෝද ගමනක් යන නඩයක් බව මම අනුමාන කලේ ඒ කාලයේදී වාහන ගැන අපි ඉතා දැඩි අවධානයක් දුන් නිසයි. මම කීප වරක් දුටුවා, ඒ වෑන් ඒකේ සිට, වතුර වැනි යමක් විසි කරන හෝ විදින බව පාරේ යන අයටත්, ඉදිරියෙන් එන වාහන වලට සහ ඒ වාහනය ඉස්සර කරන වාහන වලටත්. මේ සිද්ධිය මම මගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කළා. ඉන්පසු මගේ රියදුරාට කිව්වා ඒ වාහන ඉස්සර කර බාධා කර නවත්වන ලෙස. මගේ වාහනය ඒ වාහනය ඉස්සර කරනවිටම අර වතුර පාර ආවා. නමුත් මගේ වාහනයේ වීදුරු වසා තිබුන නිසා වතුර වැදුනේ නැහැ. මගේ රියදුරා අර වාහනය ඉදිරියට ගැනීමට නොහැකිවන ලෙස බාධාකාර මගේ වාහනය නැවැත්වුවා. මමත්, මගේ ආරක්ෂක මුරයත්, සිටියේ නිල ඇඳුමෙන්. මම මගේ වාහනයට වැදුන වතුර පරීක්ෂා කරද්දී වැටහුනා, ඒ ගොම වතුර බව, එහි දුර්ගන්ධයෙන්. මම අර වාහනය ළඟට ගියාම දැක්කා 15 ක පමණ නඩයක්. වැඩිහිටියෝ වාහනයේ ඉදිරිපස අසුන්වල. වැඩකාරයෝ පසුපස අසුන්වල. මම ඔවුන්ගෙන් ඇහුව ඇයි මෙහෙම අනුන්ට කරදර හිරිහැර කරන්නේ කියා. ඔවුන් කිව්වා කිසිදෙයක් කලේ නැහැ කෝප්පයක තිබුන වතුර විසිකලා කියලා. මම ඇහුවා කවුද ඔතන ඉන්න ගොම දාන එක්කෙනා? එයා කක්කා කරලා හෝදපු වතුරද විසි කලේ? කියලා. එහෙම මොකුත් නෑ කිව්වා. මම මගේ දුරකතනයේ වීඩියෝ එක දමා පෙන්නුවා. මම ඔවුන් සියලු දෙනා වාහනයෙන් බස්සවා පරීක්ෂා කෙරෙව්වා මගේ ආරක්ෂක මුරය යොදවා. එවිට එක තරුණ මහතෙකුගේ ජොක්ස්ට්‍රැප් එක ඇතුලේ සඟවාගෙන තිබුණු වතුර පිස්තෝලයක් හමුවුනා ගොම වතුරද සමග. එවැනිම තව පිස්තෝලයක් හමුවුනා වැඩිහිටි මහතෙකුගේ බෑගයේ තිබී. මම කිව්වා දැන් මේකෙන් මටත් වෙඩි තිබ්බනේ. දැන් මමත් වෙඩි තියනවා කියලා මගේ ඉනේ හොල්ස්ටර් ඒකේ රඳවා තිබුනු මගේ රාජකාරි පිස්තෝලය අතට ගත්තා. මුළු නඩයම හඬා වැළපෙන්න පටන්ගත්තා. මට අවශ්යවුනෙත් ඔවුන්ට මානසික දඬුවමක් දීමටයි. ඒ දඬුවම ඔවුන් වින්දා. විනාඩි 15 ක් පමණ ඔවුන්ට අවවාද කල මම, ඒ වාහනයේ අංකය අනුරාධපුර පොලීසියට ලබාදුන්නා කිසියම් වැරැද්දකට මේ වාහනය අසු වුනොත් මටත් කියන්නට දේ ඇති බව දන්වා.
    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. ගොම වතුර? :O ඒ කට්ටියට මානසික ලෙඩක් තියෙනවා එහෙනම්...

      Delete
  4. තුවක්කු කොතනද විචාරක එතන.. වතුර තුවක්කුවක් උනත් කමක් නෑ :)

    ReplyDelete
    Replies
    1. එක ආරච්චිරාළ කෙනෙක් ඇහුවලු මගේ වැයික්කියේ ඇඳ යට උනත් මොකද කියලා. දන්නවද සම්පූර්ණ කතාව?

      Delete
    2. නෑනෙ.. කියන්ඩ බලන්ඩ..

      Delete
    3. ඉස්සර එක ගමක අරච්චිරාළ කෙනෙක් හිටියලු අමුතුම ජාතියේ. මිනිහා අසාධාරණ වැඩ වලට කප් ගහපු මිනිහෙක්ලු, තමන්ගේ වාසියට නීතිය අනික් පැත්ත පෙරලන (දැන් වගේමයි) ගෑනු පුළුටක් දැක්කත් නරියා වගේ කෙල හලන මිනිහෙක්ලු. දවසක් ඒ ගමේ මිනිහෙක් ගමනක් ගිහින් ගෙදර ආවම, ඒ මනුස්සයාගේ බිරිඳ ටිකක් කලබල වෙලා ඉන්නේ කියලා මිනිහට තෙරුනාලු. මොකද කියලා ඇහුවත් උත්තරයක් නැතිලු. මිනිහා එයාගේ නිදනකාමරේ ඇඳ යට තියන බුලත් කොටන වංගෙඩිය ගන්න ගියාම දැක්කලු, ආරච්චිරාළ ඇඳ යට ඉන්නවා. මිනිහා ඇහුවලු මොකද ආරච්චි හාමුදුරුවනේ මේ ඇඳ යට කියලා. එතකොට ආරච්චිරාළ කියනවලු හුහ් උඹ කවුද එහෙම අහන්ට. මගේ වැයික්කියේ ඕනෙම ඇඳක් යට වුනත් මට ඉන්න පුළුවන් කියලා.

      Delete
    4. හි..හි.. කථාව ඇත්තනෙ..

      Delete
  5. :D අත තියන් ඉන්න බැරුවට තව පොඩ්ඩෙන් කෙල්ලෝ ටිකට නාන්න වෙන්නේ අම්බානක

    ReplyDelete
    Replies
    1. කතාවේ ඉතිරි ටික කියෙව්වාම ඔය කියපු එක පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි :D

      Delete
  6. හෆ්ෆා ඔය වතුර පාරවල් කාපු අත්දැකීම් නම් එමටයි!!! ඒත් අපි වතුර ගහන ගියේනම් නෑ.. මරු වැඩේ!!

    ReplyDelete
    Replies
    1. අපිත් වතුර ගැහුවට වඩා කාලා නම් තියෙනවා :D

      Delete