Tuesday, May 22, 2012

මටත් වෙච්ච දෙයක්...

මේ කතාව අද මීට පැය කිහිපයකට පෙර මම  අත්විඳපු අත්දැකීමකින් ලියන්නේ. අද දවල් මම තනියම බො‍රැල්ලේ තියෙන Aquinas එකට ගියා මගේ Final Project එක භාර දෙන්න. මම ගියේ බස් එකේ. මම ගිහින් සර්ව හම්බ වෙලා Project එක බලන්න දුන්නා. සර් එකේ තව විස්තර ටිකක් ඕනේ කියපු නිසා මම ඉතින් භාර දෙන්නේ නැතුව හැරිලා ආවා.
මම දැන් ගෙදර යන්න ඕනේත් බස් එකේමනේ. ඉතින් මට හිතුනා බො‍රැල්ලට ආපු එකේ ලඟ තිබ්බ Fashion Bug එකෙන් මොනාහරි ගන්න ඔනේ කියලා. මමත් ඉතින් මට අවුරුද්දට හම්බ වෙච්ච සල්ලි වලින් බඩු දෙක තුනක් ගත්තා. ඔහොම අරගෙන මම එලියට ඇවිත් ඇවිත් පාරෙන් එහා පැත්තේ තිබ්බ බස් හෝල්ට් එකට ගියා. එතන හිටියේ දෙන්නේක් විතරයි. මම ඉතින් එතනට ගියා.
 මම යන බස් රූට් මේ ලෝකේ තියෙන එපාම කරපු බස් රූට් සර්විස් එක. පැයකට එන්නේ බස් දෙකක් විතරයි. මතක් කරනකොට එපා වෙනවා.
ඉතින් මම හෝල්ට් එකේ ඉද්දි එතන හිටපු එක්කෙනෙක් බස් එකකට නැග්ගා. මම විතරයි ඔතන දැන් ගැණු ලමයෙක්ට හිටියේ. මම ඔහොම බලන් ඉද්දි එකපාරට පිටිපස්සෙන් හිටපු කලු කන්නාඩි දාගත්තු මිනිහෙක් එයා ලඟින් ඉඳගන්න කියලා සංඥා කලා. මම එක පාරටම ඉස්සරහ බලාගත්තා.
මම ඒ වෙලාවේ හොඳට බය වුනා. මම වටපිට බලද්දි හොල්ට් එක හරියට ගැණු කෙනෙක්ට හිටියේ මම විතරයි. ඒ වෙලාවේ මගේ ඔලුවේ වැඩ කලේ බස් එක ඉක්මනට එන්න කියලා. විනාඩියක් විතර බලන් ඉඳලා බැරිම තැන මම ආපහු එක ලඟ හෝල්ට් එකට පයින් ගියා. ඊට පස්සේ ටික වෙලාවකින් ආපු බස් එකේ ගෙදර ආවා. එත් මට තාමත් අර කලු කන්නාඩි දාගෙන හිටපු මනුස්සය මට එයා ලඟින් ඉඳගන්න කියලා සංඥා කරපු හැටි අමතක කරන්න බෑ. මටත් වෙච්ච දෙයක්...

6 comments:

  1. මෙයාටත් මාර වැඩ තමයි වෙන්නේ.. ඔය ව‍ගේ මිනිස්සු ඉන්නවා.. කොහොම හරි ඊලඟ බස් හෝල්ට් එකට පයින් ගියා නේද..

    ReplyDelete
  2. මං නම් හිතන්නේ ඒ අන්ධ මනුස්සයෙක් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ ඒ මනුස්සයා අන්ධයි කියලා... :[

      Delete
  3. ඔය වගේ අය ඉන්නවා.. හබයි ඔයා ඉස්සරා හොල්ට් එකට පයින් ගිය එකත් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ බය වුන හැටියට පුදුමයි මම දිව්වේ නැති එක :D

      Delete