ඊයේ මම මගේ පරණ පොත් තියෙන පෙට්ටි වගයක් අවුස්සද්දි මට මගේ 7 වසර සිංහල රචනා පොත හම්බ වුනා. එතකොට මම දැක්කා ඒකේ මම ලියලා තිබ්බ රචනා අතරින් මට තාමත් හොඳට මතක රචනාවක්. මාතෘකාව "ඉගෙනීමේ අගය". මේ රචනාව මම මුලින් ලිව්වේ ඒ කාලේ උදේට පන්තියේ නම් පිලිවෙලට එක්කෙනෙක්ට කතාවක් හරි කවියක් හරි කියන්න ඕනේ කියලා නීතියක් තිබුන නිසා ඒකට කතාවක් විදිහටයි. මගේ නම මුල් 5 දෙනා අතර තිබුන නිසා මට හැම වාරේම මුලින් තමයි කතාව පවත්තන්න තිබ්බේ. ඉතින් මම කතාව පාඩම් කරලා පලවෙනි වාරේ මට අදාල දවසට කතාව පැවැත්තුවා. ඊට පස්සේ ඊලඟ වාරේ මගේ කතාව වුනේත් ඒකමයි. තුන් වෙනි වාරේත් එහෙම්මයි. අපේ පන්ති භාර මිස් ම තමයි සිංහල ඉගැන්නුවේ. ඒත් මිස්ට මතක තිබ්බේ නෑ මම මේ එකම දේ හැම වාරේම කියනවා කියලා. ඒත් මගේ යාළුවන්ට තේරුනා මම කරන හොර වැඩේ මොකද්ද කියලා. ඒත් එයාලා ඒකට මොකුත් කරන්න ගියේ නෑ. ( හොඳ වෙලාවට ) . අන්තිමට මම මේ රචනාවම අන්තිම වාර විභාගේ රචනාවටත් ලියලා තිබුනා. ඉතින් ප්‍රශ්න පත්තරේ බලපු මිස් මට කිව්වා මේ රචනාව හොඳ නම් මදි කියලා. ඒ වෙලාවේ මට හිතුනා මිස් ඕක කතාව මුලින්ම කියද්දිම කිව්වනම් ඉවරයිනේ කියලා.
මේ තියෙන්නේ ඒ රචනාව ;
ලොව උපන් සෑම කෙනෙකුටම යම් කිසි ඉගෙනීමක් අවශ්‍යයි. ඒ සඳහා දහම් පාසලෙන් හා පාසලෙන් අපි ඉගෙනුම ලබමු. දහම් පාසලෙන් අපි හොඳ සාරධර්ම හා බෞද්ධ සිරිත් විරිත් ඉගෙන ගනිමු. අපිට පාසලෙන් විශය හා ප්‍රායෝගික දැනුම මෙන්ම හොඳ විනයක් යටතේ ජීවිතය හැඩ ගැස්වීමටද පුරුදු කරයි.
පාසලේදී ගුරුවරුන්ට කීකරු වීම, ඇහුම්කන් දීම හා එදිනෙදා වැඩ එදිනෙදාම කිරීම යන පුරුදු අප තුල වර්ධනය කරගත යුතුයි.අපි අපේ දැනුම පොතපතින් පමණක් නොව පුවත්පත් වලින්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හා සඟරා වලින් අපගේ දැනුම වර්ධනය වේ.
වර්තමානයේ ලොව ජීවත් වීමට රැකියාවක් අවශ්‍යයි. රැකියාවක් කිරීමට ඉගෙනීම අවශ්‍යයි. අපිත් හොඳට ඉගෙනගෙන රටට බරක් නොවී රටට සේවය කරන යහපත් පුරවැසියෙකු වීමට උත්සහ ගනිමු.
ප.ලි: වාර විභාගෙට මම මීට වඩා ලියන්න ඇති. මොකද මෙතන වචන ගාන අඩුයිනේ
හික්ස් ඔයාගේ මොලේ තමා මොලේ :)
ReplyDeleteහී හී... :D
Deleteහී හී..නියමා...............යි.....මාත් ලියන්න ඕන රචනාවක් :)
ReplyDelete:D
Delete