Friday, July 27, 2012

මගේ උපන්දිනේ වෙනස් කරපු හැටි

මම කෙලින්ම කතාව කියන්නම්. මේ කාලේ මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ 9 වසරේ. අද වගේම ඒ දවස් වලත් හින්දි ‍Film වලටයි ඒ නළු නිලියන් ගැනයි පිස්සුවක් තිබුණා. ඒත් ඔය කාලේ මගේ Computer එකට Internet Connection එකක් තිබුනේ නෑ. ඒක නිසා හින්දි ‍Film ගැන නළු නිලියෝ ගැන විස්තර එකතු කරේ පත්තර වලින්. ඉතින් ඔය පත්තර වල විස්තර වලට අමතරව වෙන විදිහකින් විස්තර ලැබෙනවා කියන්නේ නිධානයක් ලැබෙනවා වගේ ඒ කාලේ. 
ඔය කාලේ මගේ ඉස්කෝලේ පන්තියේ යාළුවෙක් කිව්වා ඉස්කෝලේ වෙන පන්තියක ඉන්න එයාගේ යාළුවෙක් ලඟ ‍Filmfare සඟරාවක් තියෙනවා ඒකේ මම කැමතිම නළුවාගේ පින්තූරයි විස්තර වගයකුයි තියෙනවා කියලා. ඉතින් මගේ යාළුවා මට පොරොන්දු වුනා ඒ සඟරාව මට ගෙනත්දෙන්න. ඒ වුනාට  මේ සඟරා ඉස්කෝලෙට ගෙන එන එක තහනම්. ඒත් මට යාළුවාව හම්බ වෙන්නේ ඉස්කෝලේදි විතරයි නිසා වෙන විදිහක් තිබුනෙත් නෑ. 
කොහොම හරි මගේ යාළුවා මට සඟරාව ගෙනත් දෙනවා කියපු දවසේ ඒක ගෙනාවේ නෑ. එයා ඒක ගෙනාවේ ඊට සතියකට විතර පස්සේ. ඉතින් එයා ගෙනාවට ඕක කාටවත් අහුවෙන්නේ නැති විදිහට තියාගන්නත් එපැයි. ඉතින් මමයි මගේ යාළුවෝ ඔක්කොමයි ඉක්මනට ඇතුල බලලා ඉවරවෙලා සඟරාව තෑග්ගක් විදිගට ඔතලා තිබ්බා. ඉතින් ඕක මගේ බෑග් එකේ තිබ්බේ. 
කොහොම නමුත් පෙර කරපු පාප කර්මයක් නිසාමද මන්දා එදා 9 වසරේ මුලු Section එකේම බෑග් Check කලා හරියටම English Period එකේ. ඉතින් අපේ පන්තිය Check කරපු Prefect කෙනෙක් මගේ බෑග් එකේ තිබ්බ තෑග්ග මගේ ඉස්සරම කඩලා බැලුවා. ඉතින් ඇතුලේ තිබ්බ එක දැකලා Prefect ඒක අපේ English Miss ලඟට අරන් ගියා. English Miss මගෙන් ඇහුවා කාගේද Magazine එක කියලා. මගේ යාළුවෝ ඔක්කොම මාවයි Magazine එකයි බේර ගන්න ඕනේ නිසා එක මගේ Birthday Present එක යාළුවෝ ඔක්කොගෙන්ම කියලා. ඔහොම තමයි නොවැම්බර් තිබ්බ මගේ උපන්දිනේ සැප්තැම්බර් වලට මාරු කලේ. 


ප.ලි - හොඳ වෙලාවට මගේ උපන්දිනේ Register එකෙන් Check කලේ නැත්තන් මායි මගේ යාළුවොයි ඉවරයි. Magazine එක Prefect ලා Principal's Office එකට ගෙනිච්චට අපේ Class Teacher ඒක ආපහු ගෙනත් දුන්නා.


ප.ප.ලි- English Miss මටයි මගේ යාළුවන්යි බැන්නා මේ වගේ Cheap English තියෙන Magazines කියවන්න එපා කියලා. ඒත් මම දැක්කා Prefect අක්කලා Magazine එක වටවෙලා බලනවා. අපේ English මිසුත් එක ඉවර උනාට පස්සේ හීන්සීරුවේ අක්කලා ඉන්න තැනට ගියා. :D


ප.ප.ප.ලි- මේ පින්තූර බලන්න තමයි මම  Magazine එක ඉල්ල ගත්තේ 




13 comments:

  1. registry eka check kala nam seratama b'day party eka ganna thibba.

    ReplyDelete
  2. :) හොර වැඩ කරන්න හරි දක්ෂයිනේ

    ReplyDelete
  3. ප්‍රිපෙක්ට්ලා අපේ බෑග් චෙක් කොරන්න ආව නම් ඉතින් උන්දලාගේ අවසානේ තමා :)

    ReplyDelete
    Replies
    1. අපි නම් බයයි Prefect ලට 9 වසරේදි...

      Delete
  4. අනේ අපොයි ඒ කාලේ ඉඳලා මෙයාට පිස්සුව තිබිලා තියනවා :P

    ReplyDelete
  5. ඕ මයි ගෝඩ් මමත් ඔය නළුවට ආ.................................සයි :)
    ෂෝයි වැඩ තමා අනේ ඔයාටත් වෙන්නේ නගෝ..:)

    ReplyDelete
  6. හොද වෙලාවට රෙජිස්ටර් එක චෙක් නොකලේ. එහෙම කලා නම් ටීචර්ලා සෙට් එක සඟරාව කියෝනවා.

    ReplyDelete
  7. තැනේ හැටියට ඇනේ ගහපු හින්ද ගොඩ ගියා

    ReplyDelete
  8. හික් හික්,,,
    අස්ථානයේ ඇත්ත නොකීව යුතුය.

    ReplyDelete