මම කියන්නම්
මට ලාවා කේක් ගැන ආසාව ඇතිවුනේ මොකද කියලා. ඔයාලට මතකද ඒ දවස් වල ටීවී එකේ පීසා
හට් එකේ ඇඩ් එකක් ගියා ලාවා කේක් ගැන. ඒක දකින දකින හැම වෙලාවෙම මට පුදුම ආසවක්
හිතුනේ ලාවා කේක් කන්න. ඒත් අපේ තාත්තා පීසා හට් එක පලාතෙවත් යන පාටක් තිබ්බේ නෑ.
ඉතින් මම ඔහොම දුකෙන් කල් ගෙවද්දි මට නිකමට වගේ හිතුනා youtube එක පැත්තේන් ලාවා
කේක් හදන එක හොයාගන්න. අන්තිමට මට හොඳම video recipe එක හම්බවුනා. ඊට පස්සෙ මම සාර්ථක විදිහට
දෙපාරක් හැදුවා. එත් ගිය සතියේ හදපු එක නම් වෙලාව වැඩියෙන් තියෙලා වැඩේ අවුල් කර
ගත්තා. ඒත් ඉතින් ඊයේ හදපු එක සාර්ථක වුන නිසා මට හිතුනා ඔයාලත් එක්ක ලාවා කේක් හදන හැටි බෙදා ගන්න.
මේක හදන්න ඕන කරන්නේ
මේ දේවල් (ලාවා කේක් 6ක් සඳහා)
කුකින් චොක්ලට් ( මේවා සුපර් මාකට් වල තියෙනවා. කුකින් චොක්ලට් වල ඩාර්ක් චොක්ලට් වඩා හොඳයි)
සීනි කෝප්ප 2/3
පිටි කෝප්ප 1/2
බේකින් පවුඩර් තේ හැඳි 1
බිත්තර 2
බටර් අවුන්ස 4
මෆින් ට්‍රේ හෝ අවන් එකට දාන්න පුලුවන් පුංචි කෝප්ප

සාදන ක්‍රමය
මුලින්ම බිත්තර 2 හා සීනි කෝප්ප 2/3 හොඳින් දියකර ගන්නවා. මේ අතරේ කුකින් චොක්ලට් කැබලි 4ක් පමණ සාස්පානක් හෝ තැටියක් මතට දමා ගන්නවා. ඊට පස්සේ ඒ සාස්පාන හෝ තැටිය වතුර පුරවපු භාජනයක් උඩ තියලා රත් කර ගන්නවා.මේ ක්‍රමයට ඩබල් බොයිල් ක්‍රමය කියලා කියෙනවා. චොක්ලට් සම්පූර්නයෙන්ම දියවුනාට පස්සේ ලිප නිවලා සාස්පාන හෝ තැටිය ඉවතට අරන් ඒකට බටර් එකතු කරනවා. එතකොට චොක්ලට් වල රස්නෙන් බටර් චොක්ලට් එක්ක දියවෙනවා.ඉන් පස්සේ මේ චොක්ලට් බටර් මිශ්‍රනයේ රස්නේ අඩුවුනාට පස්සේ බිත්තර හා සීනි මිශ්‍රනයට එකතු කරගන්නවා. මේකටම පිටි හා බේකින් පවුඩර් එකතු කරනවා.මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරලා බටර් ගාගත් මෆින් ට්‍රේ එකේ ටින් වලට 3/4 වන ලෙස මිශ්‍රනය එකතු කරලා විනාඩි 10ක් කලින් රත් කර ගත් අවන් එකේ උශ්නත්වය 160°C විනාඩි 10ක් පමණ බේක් කර ගන්න.
මේ මං ඊයේ හදපු ලාවා කේක් එකක්
ප:ලි- අපේ තාත්තා ලාවා කේක් අරන් දුන්නා පස්සේ කාලෙක. පීසා හට් එකේ ලාවා කේක් වගේම තමයි ගෙදර හදපු ඒවත් කියලා මට තේරුනා. :)
ප.ප.ලි: Original Recipe එක http://www.youtube.com/watch?v=JxjQEk9kRuw

අනේ මටත් එකක් හදලා දෙන්න බැරිද? :)
ReplyDeleteබලමු...
Deleteමම ඇදලා තියෙනවා පප් කේක් නම්. එත් ලාවා කේක් තාම ට්‍රයි කලේ නැහැ. හදන්න ඕනි :)
ReplyDeleteඇදලා නෙමෙයි හදලා :ඩි
Delete:)
Deleteමාත් මාරම ආසයි..වැඩිපුරම Dominoz Pizza එකේ ඒවාට..:)
ReplyDeleteමම Dominoz Pizza එකේ ඒවා කාලා නෑ
DeleteNoted xD !!!! බලමු හදලා...මම හිතුවේ මේක හදන්න අමාරු ඇති කියලනේ
ReplyDeleteඅයියෝ මේ එච්චර අමාරු නෑ
Deletemath hadanna yanne, balamu puluwanda kiyala.. Ammala gedara nethi welaawaka hadalaa balanna orne
ReplyDelete