එදා හවස සීයා
අපේ ගෙදර ආවා මටයි නංගිටයි කන්න බිස්කටුයි පලතුරුයි අරගෙන. අපිත් එක්ක කතා කර කර
ඉඳලා 6 ට විතර අපේ
ගෙදරින් පිටත් වුනා. මට තාම මතකයි එදා ලංකාව ප්ලේ කරන ක්රිකට් මැච් එකක් අපි ටීවී
එකේ බල බල හිටියේ. සීයා යන්න කලින් මිදුලෙදී මැච් එකේ ස්කොර් එකත් මගෙන් ඇහුවා.
ඒත් ඒ මම සීයත් එක්ක කතා කරපු අන්තිම වචන ටික කියලා ඒ වෙලාවේ හිතුන නම්......
කොහොම හරි එදා
රෑ 7.30ට විතර චූටි
මාමා ඒ කියන්නේ අපේ අම්මගේ චූටි මල්ලි කෝල් කරලා කිව්වා සීයා තාම ගෙදර ගිහින් නෑ
කියලා. ඒ වෙලාවේ හැමෝම හිතුවේ සීයාට බස් එකේදි නින්ද ගිහින් හරි
වැරදි බස් එකක
නැගලා නිසා පරක්කු කියලා. ඒත් චූටි මාමා කඩුවෙල හංදියට ගියා සීයාව හොයන්න. අන්තිමට
චූටි මාමා හොයලා හොයලා බැරිම තරම ගෙදර ඇවිත් අපිට කෝල් කලා. ඊට පස්සේ අපේ තාත්තාත්
ගියා කඩුවෙල පුංචිලාගේ ගෙදර කට්ටිය එක්ක සීයාව හොයන්න යන්න. එදා දවසේ මම දැන ගත්තේ
ඔච්චරයි. මමත් නිදා ගත්තා ඊට පස්සේ දවසේ ඉස්කෝලේ යන්න ඕන නිසා.ඒත් මොකක් නිසාද මම
දන්නේ නෑ මට හිතුනෙම සීයා අපිව දාලා මේ ලෝකෙන්
ගිහින් කියලයි. කොහොම හරි මම ඊලඟ දවසේ උදේ නැගිටලා සාලේට එද්දි දැක්කේ පඩි
පෙල උඩ ඉඳන් අපේ අම්මා අඬනවා. මම නිදිමතේ ආපු නිසා මම හිතුවේ මට විකාර පේනවා
කියලයි. ඊට පස්සේ මූණ හෝදලා කන්න එද්දි තමයි මට හරියටම තේරුනා මොකක් හරි වෙලා
කියලා.අම්මවත් තාත්තවත් මාත් එක්ක කතා කලේ නෑ. මම සීයාට මොකද වුනේ කියලා දැන ගත්තේ
අපිත් එක්ක හිටපු සුදු ආච්චිගෙන්. (සුදු ආච්චි කියන්නේ අපේ අම්මගේ පුංචි කෙනෙක්)
සීයා නැතිවුනා කියලා සුදු ආච්චි කිව්වා.
ඒත් ඒක කොහොමද වුනේ කියලා ඇහුවම, ලැබුන උත්තරේ මම කවදාවත් අහන්න හිතපු දෙයක් නෙමේ. සීයා නැතිවෙලා තියෙන්නේ ලොරියකට හැප්පිලා.සීයා බස් එකෙන් බැහලා ටික දුරක් ඇවිද ගෙන යද්දි පිටිපස්සේන් ආපු ලොරියක් සීයාවත් යට කරගෙන ගිහින් තියෙනවා.ඒ ලොරිය සීයාව හප්පන්න කලින් බයික් එකකුත් හප්පගෙනම තමයි ඇවිත් තියෙන්නේ. පොලිසියෙන් ලොරියේ ඩ්රයිවර් ව අල්ලා ගත්තත් හොඳට හිටපු අපේ සීයා ආපහු එන්නේ නෑ. ඒත් මම ප්රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට මේවගේ විපතක් වෙන්න එපා කියලයි.
ඒත් ඒක කොහොමද වුනේ කියලා ඇහුවම, ලැබුන උත්තරේ මම කවදාවත් අහන්න හිතපු දෙයක් නෙමේ. සීයා නැතිවෙලා තියෙන්නේ ලොරියකට හැප්පිලා.සීයා බස් එකෙන් බැහලා ටික දුරක් ඇවිද ගෙන යද්දි පිටිපස්සේන් ආපු ලොරියක් සීයාවත් යට කරගෙන ගිහින් තියෙනවා.ඒ ලොරිය සීයාව හප්පන්න කලින් බයික් එකකුත් හප්පගෙනම තමයි ඇවිත් තියෙන්නේ. පොලිසියෙන් ලොරියේ ඩ්රයිවර් ව අල්ලා ගත්තත් හොඳට හිටපු අපේ සීයා ආපහු එන්නේ නෑ. ඒත් මම ප්රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට මේවගේ විපතක් වෙන්න එපා කියලයි.
ජීවිතය කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක්...කොයි වෙලාවෙ කොහොම ඒ දෙයින් සමුගන්න, ඈත් වෙන්න වෙයිද කියලා අපි කාටවත් කලින් කියන්න බෑ.. ඒත් දන්න කියන කවුරුහරි ජීවිතයෙන් සමුගත්තත් ඔහුගේ හෝ ඇයගේ මතකය ඔහු ජීවමාන සේ අපිත් සමගම පවතිනව.. ඒ මතකය සදා අමරණීයයි..
ReplyDelete!!!ඔයාගෙ සීයාට නිවන් සුව පතමි..!!!
සීයාට නිවන් සුව!
ReplyDeleteඇත්ත එච්චර වයසට ගිහිල්ලත් ලෙඩක් හැදිල නැතිවුනානම් ඉවසන්න තිබුනා. මේ වගේ අනතුරකින් එයා ජීවිතය දාල ගිය එක දුකක්...නොහික්මුන කාලකන්නි රියදුරා...
ReplyDeleteකණගාටුයි... ඒත් සීයා හොඳ හිතින් මේ ලෝකෙන් යන්න ඇත්තේ......... තවත් හොඳම තැනක උපත ලබලා ඇති...
ReplyDeleteසිද්ද වෙච්ච දේට කණගාටුයි සහෝදරි.
ReplyDeleteඅයියෝ.. මේ වගේ විපතක් ආයේ කාටවත් වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා. සීයාට නිවන් සුව!
ReplyDeleteසීයා හොද තැනක ඇති සහෝ...
ReplyDelete