Monday, October 1, 2012

පොත් ප්‍රදර්ශනය


හුඟ කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්න වෙලාව හම්බවුනා. ගිය සතියේ විභාගයක් තිබුන නිසා ගිය මාසේම පෝස්ට් එකක් ලියන්න හිතුනේ නෑ. කොහොම හරි මම අද ලියන්නේ මේ පාර B.M.I.C.H එකේ තිබුන පොත් ප්‍රදර්ශනය ගැනයි. මම පොත් ප්‍රදර්ශනයට ගියේ 19 වනදා හවස් වෙලා. මේ ගියේ පස් වෙනි වතාවට මට මතක විදිහට. ඒ ගියත් මේපාර මට පොත් ගන්න හිතුනේ නෑ. පුදුමයි ඒත් ඇත්තයි. මම ගන්න හිතාගෙන ගියපු පොත් ඇරෙන්න වෙන කිසිම පොතක් හිතට ඇල්ලුවේ නෑ.
උදාහරණයක් විදිහට මේ පාර සරසවි Stall එකට ගියාට මට එතන කිසිම පොතක් හිතට ඇල්ලුවේ නෑ. ඒත් මගේ තියෙන මෝඩ කමටද, ආඩම්බර කමටද මන්දා මම ලස්සනට තිබ්බ පොත් හතරක් අරගත්තා. ඔක්කොම එකම විදිහේ නිසා එකම ගාන වෙන්න කියලා හිතාගෙන එකක විතරක් ගාන බලලා තාත්තාට දුන්නා. තාත්තා සල්ලි ගෙවලා මූණ අමුතු කරන ආවහම මට හිතුනා මොකක් හරි දෙයක් වෙලා ඇති කියලා. ගෙදර ඇවිත් ගාන බැලුවහම මට තරු පෙනුනා. ඒ මදිවට ගත්ත පොත් එකම series එකේ පොත් හතරක් කියලා කලබලේට ගත්තට ඒක එහෙමත් නෙමේ. බැරිම තැන ඒ ගත්ත පොත් හතරෙන් තුනක් විකුණන්න බැලුවට ගන්න කවුරුත් ඉදිරිපත් වුනෙත් නෑ. :(

Key of Knowledge, Dance of Gods, Key of Light,Morrigan's Cross - Nora Roberts

ඔය පොත් හතරට අමතරව මම පොත් ටිකක් ගත්තා. තාම නම් එකක් වත් කියවන්න ගත්තේ නෑ . ඔයාලත් බලන්නකෝ.

Diary of a wimpy kid 2,4,5,6 - Jeff Kinny
The Hobbit - Tolkien
ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව - හෙන්රි රයිඩර් හැගාඩ්, මර උගුල - Translated by Chandana Mendis 
හරි පුදුම ඉස්කෝලේ - Tetsuko Kuroyangi (Translation)
පිස්සු ගෙදර ඇත්තෝ - Roald Dahl (Translation)
දුගඳ මාමා - Roald Dahl (Translation)
විත්යාගේ ලමාවිය - නිකොලායි නොසොව් (Translation)
මාපිය සෙනහස - රුවීම් පියර්මන් (Translation)
පිපී - Asted Lindgren (Translation) 

ඔයාලත් පොත් ප්‍රදර්ශනේට ගියානම් ගත්ත පොත් වල නම් පහල එකකින් සටහන් කරන්න අමතක කරන්න එපා :)

ප.ලි- මම ගත්ත පොත් සමහර එවා ළමයින්ගේ පොත් තමයි. ඒකට හේතුව මට නංගි කෙනෙක් ඉන්න නිසා ඒ පොත් ගන්න වෙනවා. අනික මමත් ළමයින්ගේ පොත් කියවන්න වැඩියෙන් කැමතියි :)

5 comments:

  1. මට නම් යන්න හම්බ වුනේ නැහැ.

    ReplyDelete
  2. ගත්තෙ මොන පොත් ද කියන එක ප්‍රශ්නයක් නොවේ ...
    කොහොමහරි පොත් ටිකක් අරගෙන කියවන එකටයි මම නම් කැමති ....

    ReplyDelete
  3. ගත්තෙ මොන පොත් ද කියන එක ප්‍රශ්නයක් නොවේ ...
    කොහොමහරි පොත් ටිකක් අරගෙන කියවන එකටයි මම නම් කැමති ....

    ReplyDelete
  4. මම නම් ගියා..පොත් නම් ගත්තේ නැහැ..ආයිත් කියවන්න පටන් ගන්න ඕන..

    ReplyDelete
  5. යන්න බැරිවුණානේ.ට්‍රිප් ගිහින්ම සල්ලි ඉවර වුණා .අලුතෙන් ආව ෂර්ලොක් හෝම්ස් පොත කියවන්න ඕන.ඒත් දැන් ලංකාවේ කොනන් ඩොයිල් කෙනෙක්නේ ඒවා ලියන්නේ.රසය අඩුයි.

    ReplyDelete