Monday, May 14, 2012

ජනප්‍රිය කෙනා - 01



මේ කතාව පලවෙනියටම ලියන්න හිතුනේ මේ බ්ලොග් එක ලියන මම කොයි වගේද කියලා පොඩ්ඩක් හරි කියවන අයට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතිලයි.
කතාව පටන් ගන්න කලින් කතාවට අදාල වෙන කට්ටිය ගැන කියන්න ඕනේ.
පලවෙනි අදාල පුද්ගලයා තමයි මගේ මොන්ටිසෝරි එකටත් ගියපු ඉස්කෝලේදි පන්තියේ (මේ සිද්ධිය වුන දවස් වල) මං හිටපු තැනට ඉස්සර ඉඳගෙන හිටපු මගේ (දැන්) පරණ යාලුවෙක්. මං එයාට මේකලා කියලා කියන්නම්. 
දෙවනි කෙනා තමයි මගේ 7 වසර පන්තියේ ඉඳලා 11 වසර වෙනකම්ම හිටපු ඉස්කෝලේ පන්තියේ ළමයෙක්. එයාට මං පියුමිනි කියලා කියන්නම්. මේ පියුමිනි ගෙයි මගේ එච්චර කතාබහක් තිබුනේ නෑ 8 වසරේ අන්තිම කාලේ ඉඳලා. ඒකට හේතුව පරණ සිද්ධියක්. ඒක මෙතෙන්ට අදාල වෙන්නේ නෑ.ඒ සිද්ධියත් මං පස්සේ ලියන්නම්කෝ. :P
තුන්වෙනි කෙනා නම් මං ජීවිතේට දැක්කේ එකම පාරක් විතරයි. ඒ මේ කතාව සිද්ධිය වෙච්ච දවසේ. මේ කෙනා ඒ කාලේ ජනප්‍රිය සුපිරි තරු වැඩසටහනක අන්තිම 49 යේ හිටපු කෙනක්. මෙයා අපේ වයසේ. හැබැයි අන්තිම 12 දෙනාට නම් තේරුණේ නෑ. මේ කෙනාට මං 'ජනප්‍රිය කෙනා' කියලා කියන්නම්.
මේ 'ජනප්‍රිය කෙනා'ට මම 'ජනප්‍රිය කෙනා' කියලා කිව්වට එයා එහෙම ජනප්‍රිය නෑ. හැබැයි එයා නම් එහෙම තමයි ඒ කාලේ හිතාගෙන හිටියේ. හික් හික් :P
ඔය 'ජනප්‍රිය කෙනා' ගියේ අර මම වැඩියේ කතා නොකරන පියුමිනි ගේ සයන්ස් පන්තියට. ඉතින් මේ  'ජනප්‍රිය කෙනා' මං කියපු පියුමිනි ට ඒ දවස් වල ලයින් දාලා තියෙනවා. ඒත් මේ පියුමිනි අර 'ජනප්‍රිය කෙනා'ට කැමති නම් නෑ. (ඒකට එක හේතුවක් මං 'ජනප්‍රිය කෙනා' ව ඇත්තට දැක්කට පස්සේ තමයි හිතාගන්න පුලුවන් උනේ.) ඒත් අර මම මුලින් කියපු මේකලා මේ 'ජනප්‍රිය කෙනා'ට කැමතියි කියලා පියුමිනි ඇතුලු අපේ පන්තියේ ගොඩක් අය මේකලාට විහිළු කරනවා. ඒ විහිලු කරන්න පටන් ගත්තේ කොහොමද කියලා මං තාම දන්නේ නෑ. හැබයි අර මේකලා පියුමිනි ගියපු සයන්ස් පන්තියට නම් නෙමෙයි ගියේ. ඒ කියන්නේ ඔය 'ජනප්‍රිය කෙනා' අපේ මේකලාව දැකල තිබ්බේ නෑ. අපේ මේකලාට වගේ ඔය 'ජනප්‍රිය කෙනා'ටත් මේකලාගේ නම කියල පියුමිනි ප්‍රසිද්ධියේ බයිට් කරනවා ඒ කාලේ. ඒක නිසා 'ජනප්‍රිය කෙනා' මේකලාව දැකල තිබ්බේ නැතිවුනාට නමෙන් දන්නවා. ඒ වුනා ඔය  'ජනප්‍රිය කෙනා' අර පියුමිනිට තිබ්බ කැමැත්ත අත ඇරලනම් තිබ්බේ නෑ.
හරි කට්ටිය ගැන කිව්වා ඇති. කතාව පටන් ගන්නම්.
මේ සිද්ධිය උනේ මම O/L කරන කාලේ 11 වසරේදි අපේ සයන්ස් පන්තියේ පලමු වාරේ තිබ්බ ලෙක්චර් එකකදි. පාඩම තමයි "ධ්වනිය". අපේ සයන්ස් සර් ඔය ලෙක්චර් එක කලේ සර්ගේ ඔක්කොම පන්ති ටික එකතු කරලා. සර් කිව්වා මේ ලෙක්ච්ර් එකට සංගීත භාණ්ඩ එහෙම ගෙනල්ලා සර් ගේ ඉස්කෝලේ සින්දු කියන ලමයි එහෙම එක්ක ඇවිත් පාඩම ප්‍රැක්ටිකල් විදිහට කරනවා කිව්වේ. මේක කියවන අය හිතනවා ඇති සයන්ස් උගන්නන්න මොකටද සංගීත භාණ්ඩ. මේ පාඩම "ධ්වනිය"නේ. "ධ්වනිය"පාඩමට අපිට සංගීත භාණ්ඩ වල නාද රටා ගැනයි අවට තියෙන දේවල් වලින් හදන සංගීත භාණ්ඩ ගැනත් ඉගෙන ගන්න තිබුනා. ඒකට මේ දේවල් ඉතින් ඕන වෙනවා. අනික මේ අපෙ සයන්ස් පන්තියේ අන්තිම අවුරුද්දනේ. සර් ලමයින්ට ෆන් එකටත් එක්ක වෙන්න ඇති ඔය විදිහෙ ලෙක්චර් එකක් ලැස්ති කලේ. 

කතාවේ ඉතිරි ටික ඊලඟ පෝස්ට් එකෙන්....


ප.ලි - මෙහි එන සියලු නම් ගම් මනක්කල්පිතයි 

2 comments:

  1. කතා දෙකට කඩන එකට නම් මං මනාප නැහැ.ඉතුරු ටිකත් කියන්නකෝ එහෙනම්.මුල් ටික තේරුනේ නැහැ වගේ ජනප්‍රිය කෙනා එයාව දැකලා නැහැලු ඒ වුනාට එයා කැමතිලු මෙයාට,මෙයා විහිලු කරාලු ආරයාගේ නම කියලා ජනප්‍රිය කෙනාට හෑ පැටලුනා වගේ පොඩ්ඩක් ඉන්න ආයේ කියවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කතාව පැහැදිලි නෑ කියලා මට කීප දෙනෙක් කීවා...මේ විදිහේ බ්ලොග් එකක් ලියන පලවෙනි වතාව නිසා මට සමාවෙන්න... මේකයි : මේකලා ජනප්‍රිය කෙනාව ටීවී එකේ දැකලා තියෙනවා... ඒත් ජනප්‍රිය කෙනා මේකලාව දැකලා නෑ...පියුමිනි ජනප්‍රිය කෙනා යන සයන්ස් පන්ති ගිය නිසා පියුමිනි ජනප්‍රිය කෙනාව දන්නවා ඒ වගේම ජනප්‍රිය කෙනාත් පියුමිනිව දන්නවා... තව දෙයක් ජනප්‍රිය කෙනා පියුමිනිට කැමතියි... පියුමිනි ජනප්‍රිය කෙනාට ඒත් කැමති නෑ... ඒක නිසා පියුමිනි ජනප්‍රිය කෙනාගෙයි මේකලා වයි නම් එකතු කරලා බයිට් කරනවා...ඒක නිසා ජනප්‍රිය කෙනා මේකලාව නමින් දන්නවා .... ඒ දවස්වල :)

      Delete