Tuesday, May 29, 2012

වතුර තුවක්කුව - 02 (අවසාන කොටස)

මුල කොටස කියෙව්වේ නැත්තන් මෙතනින් කියවන්න 


කතාවේ ඉතිරි ටික... 

සඳුදා අපේ වෑන් එක මල්ලිලා ගන්න නැවැත්තුවට අපි බයිටාවත් අනෙක් අයියලා කවුරුත් අරලිය ගහ යට හිටියේ නෑ. අපි හිතුවා කට්ටිය අද නැතුව ඇති කියලා. ඔන්න ඉතින් මල්ලිලා නැග්ගට පස්සේ වෑන් එක හෙමින් හෙමින් ඉස්සරහට ගියා. (හෙමින් හෙමින් ගියා කිව්වේ කොලඹ ඉස්කෝල ලඟ තියෙන වාහන තදබදය නිසා)

 එකපාරට මම දැක්කා කවුරු හරි පාර අයිනේ නවත්තලා තිබ්බ බස් එකක් ඉස්සරහින් මගේ ඉන්න පැත්තට දුවගෙන එනවා. මම බය වෙච්ච පාර පොඩ්ඩක් විතර කෑ ගැහුවා. එතකොට තමයි සුමුදු නංගියි , පවිත්‍රියි කලබල වෙලා වටපිට බැලුවේ. එතකොට දැක්කා නාලාගිරි ඇතා කුලප්පු වෙලා වගේ බයිටාගේ කට්ටිය අපේ වෑන් එක පස්සේන් පන්නන් එනවා. නිකන් නෙමේ කුණු බිත්තර එක්ක. අපේ වාසනාවට වෑන් එකේ වේගේ වැඩිකරලා වෑන් අංකල් අපිව බේරගත්තා. (ඇත්තටම ට්‍ර‍ෆික් එක අඩුවුනා එක පාරට)
 අපේ වාසනාව!!! මම හිතන්නේ එයාලට අපේ වෑන් එක දැක්කේ පරක්කු වෙලා. ඒකයි කලින් අල්ලගත්තේ නැත්තේ. ඒත් එදා ඔහොම අපි බේරුනාට අනික් දවස් වල කොහොම බේරෙන්නද කියලා හිතාගන්න බැරි උනා. කොහොම හරි ඊලඟ දවස් තුනේම අපි බයිටාගේ කට්ටියව දැක්කේ නෑ.
 ඒත් සිකුරාදා තමයි බයිටා අපේ වෑන් එකෙන් පලිය ගත්තේ. සිකුරාදා මම ඉස්කෝලේ ගියේ නෑ. මම විභාගේට පාඩම් කරන්න ගෙදර හිටියා. එත් පවිත්‍රි යි සුමුදුයි නම් ගියා. (මේ දවසේ වෙච්ච දේ ගැන මම දැන ගත්තේ සුමුදු මට ගෙදරට ඇවිත් කිව්වට පස්සේ)
 එදා වෙලා තියෙන්නේ මේකයි. බයිටා අපේ වෑන් එකේ යන මල්ලිලට තර්ජනය කරලා අහලා තියෙනවා කවුද වතුර ගැහුවේ කියලා. එතන හිටපු එක ජුදාස් කෙනෙක් පවිත්‍රි තමයි වතුර ගැහුවේ හැබැයි අපි තුන්දෙනාම එකතු වෙලා ප්ලෑන් කරලා තමයි කලේ කියලා කිව්වාලු. ඉතින් සුපුරුදු විදිහට වෑන් එක නැවත්තුවාට පස්සේ , එකපාරම බයිටායි එයාගේ කට්ටියයි වෑන් එක දොර ඇරලා සුමුදුටයි පවිත්‍රිටයි තර්ජනය කරලා "අද නම් බේරෙන්න වෙන්නේ නෑ" කියලා පාට වතුර වගයකුයි බිත්තර ටිකකිනුයි සංග්‍රහ කරන්න හදද්දි අපේ වෑන් අංකල් එලියට එහෙම බැහැලා අයියලාට අවවාද කරලා පුංචි වතුර පාරකට ඔච්චර ලොකු දේවල් කරන්නේ ඇයි කියලා. කට්ටිය ඉතින් අවවාදේ පිලිඅරන් ආයේ වතුර ගැහුවොත් අත අරින්නේ නෑ කියලා එතනින් යන්න ගියා. 
වෑන් අංකල් අපිට ඔය වැඩේට බැන්නේ නැති එක තමා පුදුම. හ්ම්ම්!!!


ප.ලි - අර අපිව පාවලා දීපු කෙනාව එදායින් පස්සේ වෑන් එකේ කරපු හැම දේවල් වලින් අයින් කලා. (විශේෂයෙන් වෑන් පාටි වලින්)

12 comments:

  1. හොඳම දවසේ මෙයා ගිහිල්ලා නැහැනේ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මට යාලුවෝ දෙන්නම ආවෙ නෑ කියලා බැන්නා :(

      Delete
  2. හොඳ කොල්ලො ටිකක් හින්දා බේරිලා තියෙන්නෙ.. ඒ අයියලා ඕනාවට වඩා වැඩ නොදා ග්‍රොසරි බෑග් වලට වතුර පුරවලා ගැහුවානම් ඉවරයිනෙ..

    අපේ වෑන් එක ඇතුලෙමයි කෙල්ලො කොල්ලො වතුර ගහගත්තෙ.. වෑන් එකේ අංකල්ට වෑන් එක හෝදලාම දෙනවා නොමිලේ.. එකට වතුර ගහගන්න උන්ටත් බැහැලා යද්දි දෙනවා වතුර පාර..

    ReplyDelete
    Replies
    1. අපේ වැන් එකේ අපි පොඩිකාලේ හිටපු අක්කලා අයියලා වෑන් එකේ ඉන්න අයට වතුර ගැහුවා... ඒත් එයාලා කට්ටිය අයින් වුනාට පස්සේ කවුරුත් එහෙම කලේ නෑ... අපි අනෙක් ස්කූල් වැන්/බස් වලට විතරයි ගැහුවේ...

      Delete
  3. ඔයත් එදා වෑන් එකේ ඉඳල හොඳටම භය වෙලා ඇඬුව කියල ආපු ආරංචිය ඇත්තක් නෙවෙයිද? :D

    ReplyDelete
    Replies
    1. කවුද ඔය බොරුව කිව්වේ? :O

      Delete
  4. මරු වැඩ..මටත් මතකයි ඉස්සර ඉස්කෝලේ නිවාඩු දෙන කාලේට ඔය පාට වතුරයි කුනු බිත්තරයි හරි ජනප්‍රියයි..

    ReplyDelete
  5. ඇත්ත තමා හොදම දවසේ මෙයා ගිහින් නැහැ අපරාදෙනේ :)

    ReplyDelete
  6. ඔයටත් වෙන්නේ හරි ඉන්ටරෙස්ටින්ග් වැඩ නේද නංගි ??

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඔය වගේ වැඩ ගොඩක් උනා.... :D

      Delete