Monday, May 21, 2012

ජනප්‍රිය කෙනා - 03 ( අවසාන කොටස)

මේ කොටස කියවන්න කලින් පලවෙනි කොටස යි දෙවෙනි කොටස යි කියෙව්වේ නැත්තන් කියවන්න

  
හරි කතාවට යමු...

මට හිතුනේ මොකද්ද කියලා කියන්න කලින් මම පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මම සාමන්‍යෙන් අඳුරන්නේ නැති ජීවිතේ පලමු වතාවට දැක්ක කිසිම කෙනෙක් එක්ක කතාවට වත් හිනාවෙන්නේ වත් නෑ. විශේෂෙන් පිරිමි කට්ටිය එක්ක.
ආපහු කතාවට....
මට මොකද්ද දන්නවාද හිතුනේ. මට හිතුනේ 'ජනප්‍රිය කෙනා' ලඟට ගිහින් මම මුලින් කියපු මේකලා ගැන අහන්න. මම මේක මගේ යාලුවට කිව්වම එයාට මම ගැන පුදුමත් හිතුනා.(මම වීර කමක් කරන්නනේ යන්නේ කියලා මට ජීවිත පලමු වතාවට හිතුනා) ඔන්න මම ගියා වීරයා වගේ අර 'ජනප්‍රිය කෙනා' ඉන්න පැත්තට. හෙමින් සීරුවේ මාත් 'ජනප්‍රිය කෙනා'ගේ පිටිපස්සට ගිහින් එක පාරට ඇහුවා " ඔයා මේකලා ව දන්නවද?" කියලා. මෙන්න මෑන් එක පාරටම ගැස්සිලා වගේ මගේ දිහා පිටිපස්සේ හැරිලා බැලුවා. ඊට පස්සේ 'ජනප්‍රිය කෙනා' මට "පොඩ්ඩක් ඉන්න" කියලා එයා අතේ තිබ්බ ඔටෝග්‍රාෆ් එක පැත්තකට දාලා මට හෝල් එකේ ඉස්සරහ අයිනට මට කතා කලා. මාත් ගියා ඕන එකක් කියලා. (මේ වෙද්දි 'ජනප්‍රිය කෙනා' වටේ හිටපු ළමයි මේ වැඩේ කන්න වගේ බලන් ඉන්නවා කියාලා මට ක්ලික් උනේ පස්සේ) ඔන්න අපේ 'ජනප්‍රිය කෙනා' ' මගේන් ඇහුවා "ඔයා කොහොමද මේකලා ගැන දන්නේ?" . මම ඉතින් වීරයා වගේ කිව්වා " එයා අපේ ඉස්කොලේ පන්තියේ ඉන්නේ. මගේ යාලුවෙක්" . මෙයා එක පාරම ඇහුවා "ඔයා (අපේ ඉස්කෝලේ නම කියලා) ද යන්නේ ? " මාත් ඉතින් කිව්වා ආඩම්බරෙන් "ඔව්" කියලා.



ඊට පස්සේ උනේ මොකද්ද දන්නවද? මෙයා මගෙන් ඇහුවනේ " ඔයා පියුමිනි ව දන්නවද?"  කියලා. මාත් ඉතින් මොනා කියන්නද "ඔව් දන්නවා එයාත් අපේ පන්තියේ ඉන්නේ" කියලා කිව්වා. ඊට පස්සේ අපේ 'ජනප්‍රිය කෙනා' පැණි හිනාවක් එහෙම දාලා මගෙන් ඇහුවා "පියුමිනි මං ගැන පන්තියේදි කතාකරනවද?" කියලා. මට මෙයාට කියන්න බෑනේ මම පියුමිනි එක්ක වැඩිය කතා කරන්නේ නෑ කියලා. මම කිව්වා "මට නම් ඒ ගැන ඇහිලා නෑ . හෑබයි මේකලා නම් ඔයා ගැන කතා කරනවා" කියලා කිව්වා. (මේකලා  'ජනප්‍රිය කෙනා' ගැන කතා කරනවා කියලා මම කිව්වේ  'ජනප්‍රිය කෙනා' ගේ රිඇක්ශන් එක බලන්නයි) . මෑන් චුට්ටක් මගේ ආන්සර් එකෙන් අප්සට් ගැහුවා. මම ඉතින් තවත් මෙතන ඉන්න එක හොඳ නැති නිසා "බායි . මට පරක්කු වෙනවා" කියලා හීන් සීරුවේ මාරු උනා.
ඔයිට පස්සේ මම මගේ යාලුවා එක්ක පල්ලේහා අපේ තාත්තා එනකම් ඉද්දි වෙච්ච දේවල් කිය කිය හිනා වෙවී හිටියා .එතකොට අපේ  'ජනප්‍රිය කෙනා' ගේ වටේ ඉඳලා එයා අත්සන එහෙම ගත්ත දෙතුන් දෙනෙක් විතර මං ලඟට ඇවිත් ඇහුවා "ඔයා මොනාද ('ජනප්‍රිය කෙනා'ගේ නම කියලා) එක්ක ගොඩක් වෙලා කතාකලේ?" මට ඉතින් හිනා. මම ඉතින් කට්ටියට තිබ්බ ඉරිසියාව වැඩිවෙන්නත් එක්ක කිව්වා "එයා මගේ ඉස්කොලේ නම අහලා මාත් එක්ක වැඩිපුර කතා කලා " . (අපේ සයන්ස් පන්තියේ ඒ වෙනකොට මගේ ඉස්කොලෙන් හිටියේ මං විතරයි)  මගේ යාලුවට ඒක හොඳටම හිනා.  මට ඉතින් ඒ වෙලාවේ හිතුනේ අන්තිම 49 වත් තේරුනේ නැති මේ 'ජනප්‍රිය කෙනා'ට ගිය කල කියාල. හික් හික් :P

ප.ලි - මේ වෙච්ච දේ ඉස්කෝලේ පන්තියට ප්‍රසිද්ධියේ කීම නිසා මේකලා මාස කිහිපයක් යනතුරුම මගෙන් හා මගේ යාලුවන්ගෙන් බයිට් විය.

ප.ප.ලි- එසේ ප්‍රසිද්ධියේ කියපු කතාවෙන් 'ජනප්‍රිය කෙනා' අර පියුමිනි ගැන ඇසු දේවල් කපා හරින ලදී. මන්ද මට පියුමිනි ගේ දේවල් අදාල නොවන නිසාය. නමුත් ඒ කපා හරින ලද කොටස මගේ හොඳ මිතුරු කැළ පමනක් දන්නේය. :P

9 comments:

  1. ඉවරද? හිහි ඔන්න කතා තුනම කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඔව්...මේ කතාව ඉවරයි... තවත් අලුත් කතාවක් ඊලඟ පොස්ට් එකෙන්...

      Delete
  2. පව් අර අසරන ජනප්‍රිය කෙනා.. :P පියුමිනිව යාළු කරල දෙන්නනෙ තිබුනෙ :P

    ReplyDelete
    Replies
    1. මට වෙන වැඩ නෑනේ... අනික පියුමිනි ජනප්‍රිය කෙනාට කැමති නෑනේ :P

      Delete
  3. ජනප්‍රියයි කියලා හිතුවට ඒයා ජනප්‍රිය නැනේ !! පව් නේද නංගෝ???

    ReplyDelete
    Replies
    1. එයා විතරයි එයා ජනප්‍රියයි කියලා හිතාගෙන ඉන්නේ :D

      Delete
  4. කතාව කෙසේ වෙතත් අනිත් කෙල්ලො ඉරිසියාවෙ පැලෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. හික් හික්.... වෙන්න ඇති

      Delete
  5. මේක කියවන යද්දී මට තවත් ජනප්‍රිය කෙනෙක් මතක් උනානෙ :P එයා ගැන ප්‍රසිද්ධි යේ කියන එක හරි නැ මට මතක හැටියට හඳකට සමාන නමක් තියන ටෙලි නාට්‍යක ද කොහෙද හිටිය :D

    ReplyDelete