Wednesday, June 13, 2012

මංගල බණට ආරාධනය

මේ වැඩේ වුනේ මීට දින කිහිපයකට කලින් මං දන්න කෙනෙක්ට. කෙනා කවුද කියන එක කියන්නේ නැතුව මේ කතාව කියන්නම්.
සාමන්‍යයෙන් ලංකාවේ (සමහර) පිරිමි ලමයි වැඩිපුරම ඉන්න තැන් දෙකක් තමයි ෆේස්බුක් හා පන්සල.
ඒ වගේම තමයි පන්සල් වල වැඩ වාසය කරන පොඩි හාමුදුරුවරු පන්සලට දහම් පාසලට එන සම වයස් වල පිරිමි ලමයි එක්ක කතාබහ කරනවා කියන එකත් හැමෝම දන්නවා ඇතිනේ.
ඉතින් එක පන්සලක ඉන්න උපසම්පදා නොවුන තරුණ හාමුදුරු නමක් මම දන්න මල්ලි කෙනක්ව අඳුරනවා. මේ ලඟදී දවසක මේ මල්ලිට ෆේස්බුක් රික්වෙස්ට් එකක් මේ හාමුදුරුවන් එවලා තියෙනවා. මල්ලිත් පුදුම වුනාලු ඒක දැකලා. ඉතින් මල්ලිත් ඕන එකක් කියලා ඇක්සෙප්ට් කරාලු.
 ඉතින් ඔහොම යද්දි හාමුදුරුවෝ මේ මල්ලිත් එක්ක චැට් කරන්නත් ගත්තලු. ඉතින් මේ ඊයේ පෙරේදා දවසක හාමුදුරුවෝ චැට් කරන ගමන් මේ මල්ලිට පන්සලේ බුදු පිලිම ශුද්ධ පවිත්‍ර කරන්නයි ඒ හාමුදුරුවන්ගේ මංගල බණටයි එන්න කිව්වලු. 
මේ කතාව ඇහුව ගමන් හිතුනේ මට ලංකාවේ සන්නිවේදනේ දියුණුව වැඩි වෙලා තියෙන තරම තමයි. :P


ප.ලි: මංගල බණ කියන්නේ සාමනේර හාමුදුරු නමක් උපසම්පදා උනාට පස්සේ කියන පලවෙනි බණයි

17 comments:

  1. භික්ෂුන් වහන්සේලා "ෆේස් බුක් "පරිහරණය කිරීම මමනම් අනුමත කරන්නේ නැහැ ......

    ReplyDelete
    Replies
    1. මම FB පාවිච්චි කරන්නේ නැති නිසා මට ඕක කියන්න බෑ...

      Delete
  2. මට මතක විදියට මගේ FB ලිස්ට් එකෙත් 2-3 ක් හාමුදුරුවරු හිටිය. ඒත් "උන්වහන්සේලාව" මම පුද්ගලිකව දන්නෙ නම් නෑ...

    දැන් ඉතින් FB එකට සීමා දාන්න බෑනෙ නේ...නතර කරන්න නම් අලුත් විනය නීතියක් ගේන්න වෙයි. :)

    ReplyDelete
    Replies
    1. ඒක නවත්තන්න විනය නීති වලින් අමාරුයි

      Delete
  3. එහෙම තමා සන්නිවේදනයේ දියුණුව :)

    ReplyDelete
  4. Replies
    1. මල්ලි බණට ගියද නැද්ද කියලා නම් මම දන්නේ නෑ... යන්න ඇති මගේ හිතේ... මංගල බණ තිබ්බ දවසට කලින් දවසේ මම ඔය කතාව දැන ගත්තේ

      Delete
  5. mata mathaka widihata mageth 20th 30th hamuduruwaru innawa.hadisiye dhama gataluwak wath awoth ahanna bariya.

    ReplyDelete
  6. එෆ් බී ආපු සමහර හාමුදුරුවෝ පිස්සු නටන්න ගිහින් කරගත්තු දේවල් මම ඕනේ තරම් එෆ් බී එකේ දැකල තියනවා. ඒ වුනාට තහනම් කරන්නත් බෑනේ. භික්ෂුන් වහන්සේ නමකට කරන්න හොඳ නැති දේවල් කොච්චරනම් අද රටේ හාමුදුරුවරු කරනවද.? ව්‍යාපාර, දේශපාලනේ, තව කොච්චර නම් තියනවද.



    සන්නිවේදනේ දියුණුව ගැන නම් කියල වැඩක් නෑ. ඒවගේම මිනිස්සුන්ගේ පිරිහීමත් කියව වැඩක්ම නෑ.

    ReplyDelete
    Replies
    1. එකේ මම නැති නිසා ඕවා දැකලා නෑ... හැබයි අහලා නම් තියේනවා... ලෝකේ තාක්ශනයෙන් දියුණු වෙද්දි සදාචාර පිරිහෙනවා... ලෝක ස්වාභාවෙනේ

      Delete
  7. මම හිතුවේ මෙයාලයි දිහා මොකක් හරි තිබිලා අපිට ආරාධනා කරලා කියලා :P බැලින්නම් වෙන කතාවක්නේ.. අනේ මන්දා මට නම් කියන්න දෙයක් නෑ ගැලපෙන දේවලුත් තියනවා නොගැලපෙන දේවලුත් තියනවා..

    ReplyDelete
  8. අනේ මන්ද භික්ෂූන් වහන්සේලාටත් මොනව වෙලාද කියලා..උන්වහන්සේල වුණත් තේරුම් ගන්න ඕනි...

    අදයි මේ පැත්තෙ ආවෙ

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ආ මේ පැත්තට ආවට බොහොම ස්තුතියි :)

      Delete