සෙනසුරාදා මට කොමස් පන්ති තිබුන වෙලාවට සුමුදු නංගිටත් පන්තියක් තිබ්බා ඒ ඉන්ස්ට්‍රිටියුට් එකේම. මේ කාලේ සුමුදු නංගි නවය වසරේ ඉගෙන ගත්තේ. එයත් එක්කම එයාගේ හොඳම යාලුවෝ දෙන්නෙකුත් පන්ති ආවා. මමයි , මගේ යාලුවයි ( ජනප්‍රිය කෙනා කතාවේ මාත් එක්ක හිටපු යාලුවාම තමයි) සුමුදුයි , එයාගේ යාලුවෝ දෙන්නයි ඉන්ටවල් එකේදි අපේ කොමස් පන්තිය ඉස්සරහ කොරිඩොර් එකේ හම්බ වෙනවා.
මේ කාලේම
සුමුදු නංගිට ඒ ඉන්ස්ට්‍රිටියුට් එකටම එන පිරිමි ළමයෙක්ට හිත ගිහිල්ලා තිබුනේ. සුමුදු නංගි මට ඒ පිරිමි ළමයව
පෙන්නුවා ඉන්ටවල් එකේදී. ඒ ළමයා කවුද මොන ඉස්කොලේද කීය වසරේද කියලා කිසිම දෙයක් අපි දැනගෙන
හිටියේ නෑ. ඉතින් මේ හින්දා සුමුදු නංගි හරිම සෑඩ් මූඩ් එකේ හිටියේ. මේ පිරිමි ළමයාගේ
විස්තර හොයන්න අපි පුලුවන් තරම් උත්සහ කලා. ඒ උත්සහයේ ප්‍රතිපලයක් විදිහට අපිට දැනගන්න
ලැබුනේ එයා මගේ වයසේ කියලා විතරයි. කොහොම හරි තව විස්තර දැනගන්න ඕනේ නිසා අපි කට්ටියම මේ පිරිමි ළමයා ගැන
සොදිසියෙන් හිටියේ . ඔහොම සෝදිසියෙන් ඉන්ඳැද්දි
අපි දැක්කා මගේ පන්ති 3කටම එන නවින් කියන පිරිමි ලමයා එක්ක සුමුදු කැමති එක්කෙනා
කතා කරනවා. ඉතින් අපි තීරනය කලා නවින් ගෙන් සුමුදු කැමති එක්කෙනා ගැන විස්තර
අහන්න.
ඒත් නවින් ඒ නමේ අකුරක් වැඩියෙන් දාලා කියලා තියෙන්නේ කියලා පස්සේ අපි දැනගත්තේ....
අයියෝ සල්ලි!
නවීන් නම් හරි තැම්පත් ලමයෙක් වගේ :P වැඩේ කියෙන්නේ මොයාලා කන්නෙත් නැතිව කොච්චර කැපවීමක් කරලද නමයි ඉස්කෝලෙයි හොයාගෙන තියෙන්නේ.. :P ඊට පස්සෙ මොකද උනේ කියන්නේ ඊලඟ ලිපියෙන්ද ?? :P
ReplyDeleteඊට පස්සේ මොකුත් උනේ නෑ.. මොකද අර පිරිමි ලමයාගේ නම දැන ගත්තේ අපි පන්ති එන අන්තිම දවසේ... සුමුදු මොනා කරන්නද... ඊට පස්සේ අර පිරිමි ලමයව හම්බ උනේ නෑ
Deleteඅයියෝ නගේ අපිට නම් ඒකාලේ යන බස්රුට් ඒකහරි දැනගත්තනම් හොදටම ඇති ,සමහර වෙලාවල යන ක්ලාස් එකක්වත් දන්නේ නැතුව අපි විස්තර හොයා ගන්නේ, අම්මෝ ඒ කාලේ අපි කෙල්ලෝ නිසා කාපු චාටර් ,ඒක පාරක් මම සන්නස්ගල සර්ගේ සිංහල පන්තියකටත් ගියා එලේවල් කරන කොට (මම කොමස් කරේ එලේවල් වලට) .මම හිතන්නේ ඔය රොටරිය ගැන කියලා තියෙන්නේ නේද ?
ReplyDeleteඅපෝ නෑ...මම O/L කරන කාලේ රොටරි එක ඇහට වත් දැකලා නෑ...
Deleteරොබින් කියල තියන කතාව හරියට හරි, ඒ කාලෙ අපිට කෙල්ලගෙ මූන මතකනම්, ආයි ඉතින් විස්තරේ හොයාගෙන මිසක් නවතින්නෙ නෑ. මමත් ලඟදි ලියුමක් දැම්ම මගෙ බ්ලොග් එකේ ඒ ලෙවල් කාලෙ කෙල්ලෙක්ගෙ විස්තර හොයන්න කාපු කට්ටක්. පට්ට ආතල් කාලයක් ඒකාලේ
Delete-ප්‍රසා
ඔයාගේ බ්ලොග් එක මොකද්ද? කියවන්න ආසයි කතාව.... :)
Deletethanks.
Deleteඅපොයි අපරාදෙ 150හ නොකා නොබී දුන්නට වැඩක් වුණෙත් නෑ..හැබැයි මරු කථාව...කෙල්ලොත් කරන දේවල් නේද?...හි හි හී ඔය කාලෙ නැතුව නාකි වෙලා ඔය වැඩ කරන්නද?
ReplyDeleteපේනව නේද රොබින් මැරියන් වෙනුවෙන් කරල තියෙන දේවල්...
ඒකනේ... හැබයි මම අනිත් අය වෙනුවෙන් ඔය වැඩ කලාට මට කියලා ඔය වගේ වැඩක් කරලා නෑ... :)
Deleteතැන්පත්ව හිටියට අනුන්ගෙ දත් ගලවන්න නවීන් හොඳට දන්නව වගේ.....
ReplyDeleteඑයාගේ හැටි අපි දැනගත්තේ සල්ලි ඉල්ලපු වෙලාවෙම තමයි.... :@
Deleteමදැයි.. අපරාදේ කලින් 150 දිලා වැඩේ උනා නම් එකක් :)
ReplyDeleteඒකනේ...පව් සුමුදු :(
Deleteසල්ලි දීලා කොල්ලෝ ගැන අහගන්න කෙල්ලෝ ගැන ඇහුවමයිද කොහෙද :)
ReplyDeleteඅපි වැරදි වැඩක් කලේ නෑනේ
Delete150 න් බඩ කට පිරෙන්න කෑවනම් එකක්. අයියෝ සල්ලි තමයි. ඒ දෙන්නගේ ආදර අන්දරය කෙලවර වුනාද ඉතින්. ?
ReplyDeleteඒ ලමයාව අපි දැක්කේ නෑ අපේ O/L අන්තිම දවසෙන් පස්සේ
Deleteඅපෝ.... වැඩේ පාඩුයි.... රුපියල් 150 ට උප්පැන්න සහතිකේ ෆොටෝ කොපියක්වත් ගන්න ඕනේ....
ReplyDeleteමොනා කරන්නද දැන්?
Deleteඅපරාදේ එකසිය පනහ ...........
ReplyDelete