Tuesday, June 19, 2012

රුපියල් 150

මේ සිද්ධිය වුනේ මම O/L කරන අවුරුද්දේ මම ගියපු ටියුශන් පන්තියේදියි. මේක ටියුශන් පන්තියක්ම නෙමේ , ඉන්ස්ට්‍රිටියුට් එකක්. මම එකේ විශයන් 4 කට පන්ති ගියා. ඒ ඔක්කොම පන්ති මම ගියේ සෙනසුරාදා විතරයි. සුමුදු නංගිත් ආවේ ටියුශන් වලට මේ ඉන්ස්ට්‍රිටියුට් එකටමයි. ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදුම තමයි ) 
සෙනසුරාදා මට කොමස් පන්ති තිබුන වෙලාවට සුමුදු නංගිටත් පන්තියක් තිබ්බා ඒ ඉන්ස්ට්‍රිටියුට් එකේම. මේ කාලේ සුමුදු නංගි නවය වසරේ ඉගෙන ගත්තේ. එයත් එක්කම එයාගේ හොඳම යාලුවෝ දෙන්නෙකුත් පන්ති ආවා. මමයි , මගේ යාලුවයි ( ජනප්‍රිය කෙනා කතාවේ මාත් එක්ක හිටපු යාලුවාම තමයි) සුමුදුයි , එයාගේ යාලුවෝ දෙන්නයි ඉන්ටවල් එකේදි අපේ කොමස් පන්තිය ඉස්සරහ කොරිඩොර් එකේ හම්බ වෙනවා.
මේ කාලේම සුමුදු නංගිට ඒ ඉන්ස්ට්‍රිටියුට් එකටම එන පිරිමි ළමයෙක්ට හිත ගිහිල්ලා තිබුනේ. සුමුදු නංගි මට ඒ පිරිමි ළමයව පෙන්නුවා ඉන්ටවල් එකේදී. ඒ ළමයා කවුද මොන ඉස්කොලේද කීය වසරේද කියලා කිසිම දෙයක් අපි දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ හින්දා සුමුදු නංගි හරිම සෑඩ් මූඩ් එකේ හිටියේ. මේ පිරිමි ළමයාගේ විස්තර හොයන්න අපි පුලුවන් තරම් උත්සහ කලා. ඒ උත්සහයේ ප්‍රතිපලයක් විදිහට අපිට දැනගන්න ලැබුනේ එයා මගේ වයසේ කියලා විතරයි. කොහොම හරි තව විස්තර දැනගන්න ඕනේ නිසා අපි කට්ටියම මේ පිරිමි ළමයා ගැන සොදිසියෙන් හිටියේ . ඔහොම සෝදිසියෙන් ඉන්ඳැද්දි අපි දැක්කා මගේ පන්ති 3කටම එන නවින් කියන පිරිමි ලමයා එක්ක සුමුදු කැමති එක්කෙනා කතා කරනවා. ඉතින් අපි තීරනය කලා නවින් ගෙන් සුමුදු කැමති එක්කෙනා ගැන විස්තර අහන්න.
 නවින් ක්ලාස් එකේ ඉන්න ඔක්කොම ලමයි එක්ක ‍ෆිට්. නවින් හොඳ තැන්පත් ලමයෙක් කියලා තමයි ප්‍රසිද්ධ. ඊට පස්සේ අපි නවින්ගෙන් ඇහුවා.මෙන්න නවින් අපිට කිව්වනේ වැඩේ නිකන් කරන්න බෑ කියලා. අපි ඇහුවේ අරයගේ නමයි, ඉස්කෝලේයි වගේ විස්තර විතරයි. ඒත් නවින් අපෙන් සල්ලි කඩා ගන්න හදනවා. එක දවසින් ඕනේ නිසා අපි කන්න ගෙනාපු සල්ලි වලින් රුපියල් 150ක් දුන්නා. අන්තිමට මේයා නමයි ඉස්කෝලේයි කිව්වා.
ඒත් නවින් ඒ නමේ අකුරක් වැඩියෙන් දාලා කියලා තියෙන්නේ කියලා පස්සේ අපි දැනගත්තේ.... 
අයියෝ සල්ලි!

20 comments:

  1. නවීන් නම් හරි තැම්පත් ලමයෙක් වගේ :P වැඩේ කියෙන්නේ මොයාලා කන්නෙත් නැතිව කොච්චර කැපවීමක් කරලද නමයි ඉස්කෝලෙයි හොයාගෙන තියෙන්නේ.. :P ඊට පස්සෙ ‍මොකද උනේ කියන්නේ ඊලඟ ලිපියෙන්ද ?? :P

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මොකුත් උනේ නෑ.. මොකද අර පිරිමි ලමයාගේ නම දැන ගත්තේ අපි පන්ති එන අන්තිම දවසේ... සුමුදු මොනා කරන්නද... ඊට පස්සේ අර පිරිමි ලමයව හම්බ උනේ නෑ

      Delete
  2. අයියෝ නගේ අපිට නම් ඒකාලේ යන බස්රුට් ඒකහරි දැනගත්තනම් හොදටම ඇති ,සමහර වෙලාවල යන ක්ලාස් එකක්වත් දන්නේ නැතුව අපි විස්තර හොයා ගන්නේ, අම්මෝ ඒ කාලේ අපි කෙල්ලෝ නිසා කාපු චාටර් ,ඒක පාරක් මම සන්නස්ගල සර්ගේ සිංහල පන්තියකටත් ගියා එලේවල් කරන කොට (මම කොමස් කරේ එලේවල් වලට) .මම හිතන්නේ ඔය රොටරිය ගැන කියලා තියෙන්නේ නේද ?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ...මම O/L කරන කාලේ රොටරි එක ඇහට වත් දැකලා නෑ...

      Delete
    2. රොබින් කියල තියන කතාව හරියට හරි, ඒ කාලෙ අපිට කෙල්ලගෙ මූන මතකනම්, ආයි ඉතින් විස්තරේ හොයාගෙන මිසක් නවතින්නෙ නෑ. මමත් ලඟදි ලියුමක් දැම්ම මගෙ බ්ලොග් එකේ ඒ ලෙවල් කාලෙ කෙල්ලෙක්ගෙ විස්තර හොයන්න කාපු කට්ටක්. පට්ට ආතල් කාලයක් ඒකාලේ
      -ප්‍රසා

      Delete
    3. ඔයාගේ බ්ලොග් එක මොකද්ද? කියවන්න ආසයි කතාව.... :)

      Delete
  3. අපොයි අපරාදෙ 150හ නොකා නොබී දුන්නට වැඩක් වුණෙත් නෑ..හැබැයි මරු කථාව...කෙල්ලොත් කරන දේවල් නේද?...හි හි හී ඔය කාලෙ නැතුව නාකි වෙලා ඔය වැඩ කරන්නද?

    පේනව නේද රොබින් මැරියන් වෙනුවෙන් කරල තියෙන දේවල්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ... හැබයි මම අනිත් අය වෙනුවෙන් ඔය වැඩ කලාට මට කියලා ඔය වගේ වැඩක් කරලා නෑ... :)

      Delete
  4. තැන්පත්ව හිටියට අනුන්ගෙ දත් ගලවන්න නවීන් හොඳට දන්නව වගේ.....

    ReplyDelete
    Replies
    1. එයාගේ හැටි අපි දැනගත්තේ සල්ලි ඉල්ලපු වෙලාවෙම තමයි.... :@

      Delete
  5. මදැයි.. අපරාදේ කලින් 150 දිලා වැඩේ උනා නම් එකක් :)

    ReplyDelete
  6. සල්ලි දීලා කොල්ලෝ ගැන අහගන්න කෙල්ලෝ ගැන ඇහුවමයිද කොහෙද :)

    ReplyDelete
    Replies
    1. අපි වැරදි වැඩක් කලේ නෑනේ

      Delete
  7. 150 න් බඩ කට පිරෙන්න කෑවනම් එකක්. අයියෝ සල්ලි තමයි. ඒ දෙන්නගේ ආදර අන්දරය කෙලවර වුනාද ඉතින්. ?

    ReplyDelete
    Replies
    1. ඒ ලමයාව අපි දැක්කේ නෑ අපේ O/L අන්තිම දවසෙන් පස්සේ

      Delete
  8. අපෝ.... වැඩේ පාඩුයි.... රුපියල් 150 ට උප්පැන්න සහතිකේ ෆොටෝ කොපියක්වත් ගන්න ඕනේ....

    ReplyDelete
  9. අපරාදේ එකසිය පනහ ...........

    ReplyDelete