Monday, June 25, 2012

මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?

මාතෘකාව දැක්ක ගමන් මම  මගේ ප්‍රථම ප්‍රේමය ගැන කතාවක් කියන්න යන්නේ කියලා කට්ටිය හිතෙනවා ඇති. ඒත් එක එහෙම නෙමේ. එහෙම කියලා මේක කියවන්නේ නැතුව ඉන්න එපා.
මම අද හිතුවා මම කැමතිම හින්දි සිංදුව සිංහලට පරිවර්තනය කරන්න. මේ සින්දුව කබි කුශි කබි ගම් (තේරුම: වෙලාවකට සතුට වෙලාවකට දුක) කියන චිත්‍රපටියේ මම ගොඩක් ආදරේ කරන ෂාරුක් ඛාන් හා කාජල් ඉන්න "සුරජ් හුවා මාද්දම්" සිංදුවයි. මේ සිංදුව කියන්නේ ලඟදි ලංකාවට ආපු සෝනු නිගම් හා අල්කා යාග්නික්.
ඒත් මම මේ සින්දුවට කොච්චර කැමති වුනත් සිංහලට පරිවර්තනය කරද්දි මට හිතුනා මේකේ පද රචනය කොච්චර බොලඳද කියලා. කියවලාම බලන්නකෝ........


හිරු මුදුන් වුයේය. සඳ දැවෙන්නට පටන් ගත්තේය.
කිමද මේ අහස උණුසුම් වෙන්නේ? 
මා බලා සිටියාය.එහෙත් පොලව ගමන් ගන්නට පටන් ගත්තේය.
මේ හදවත චංචල වුවේය. මගේ සුසුම නැවතුනේය.
මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද? 
සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


මෙය සුන්දර මොහොතකි. එනමුත් සෑමදේම වෙනස් වන්නේය.
සිහින සැබෑ වන්නට පටන් ගන්නේය.
අපේ මේ බැඳීම වසර සිය ගණනක් පැරණිද? 
ඒ නිසා නේද මා ඔබව මෙලෙස හමු වන්නේ
මේ ආදරයේ ඍතුව මෙලෙසම පවතින්නේය
ජන්මයක් ජන්මයක් පාසාම මාවම මෙලෙස හමුවන්න


මා බලා සිටියාය.එහෙත් පොලව ගමන් ගන්නට පටන් ගත්තේය.
මේ හදවත චංචල වුවේය. මගේ සුසුම නැවතුනේය
මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද? 
සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


ඔබේ ඔය ප්‍රභාවෙන් මාව වර්ණවත් කරන්න, සොඳුරිය
ඔබව හිමිවීමෙන් මට මාවම අහිමි වන්නේය, සොඳුරිය
ඔබේ ආදරයේ  කිමිදී 
මා වෙරළක් බඳු වන්නේය සොඳුරියේ. 


මේ  සාගරය පිපාසිත වන්නේය. රාත්‍රිය උදා වන්නේය.
හදෙහිද ගිනිදැල් වලින් ගිනිපුපුරු විසිවන්නේය.


සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


හිරු මුදුන් වුයේය. සඳ දැවෙන්නට පටන් ගත්තේය.
කිමද මේ අහස උණුසුම් වෙන්නේ? 


සොඳුරිය, මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද?


ප.ලි: මම ලියපු විදිහේ අවුලක් නිසා තේරුම බොලඳ වුනාද දන්නේ නෑ...

ප.ප.ලි: ඔය මොකක් වුනත් සිංදුව ලස්සනයි. කලින් බලලා නැත්තම් සිංදුව මෙතනින් බලලම යන්න.

6 comments:

  1. Nice.. :) පරිවර්ථනය ඔයාම කරපු එකක් නම් තවත් Nice.. :)

    ReplyDelete
    Replies
    1. මම තමයි පරිවර්තනය කලේ...හැබයි ඉංග්‍රීසි වලින් සිංහලට.... :)

      Delete
  2. මමත් ආසම සිංදුවක්.. ඒ ෆිල්ම් එකත් නියමයි.. සිංදුවේ තේරුම ගැන නම් මට ගානක් නෑ ඉතින් ඒ හිංදි සිංදු මාර ලස්සනක් තියෙන්නේ..

    ReplyDelete
  3. හින්දිනම් මෙලො දෙයක් දන්නේ නෑ..ඒත් මේ සින්දුවට ගොඩාක් ආසයි

    ReplyDelete