Sunday, August 19, 2012

සෙල්ලම ලෙල්ලම

"ඒයි චමිඳු, මට වතුර එකක් අරන් එනවා"

"චමිඳු, මගේ ඇඳුම් ටික වැලට දානවා"

පුංචි චමිඳුට මෙලෙස ඇසෙන වාර දිනකට නොගිණිය තරම්ය. තවමත් 2 වසරේ ඉගෙන ගන්න ඔහුට මෙලෙස අණ කිරීම් කරනු ලබන්නේ ඔහුගේම එක්කුස උපන් අක්කා හා අයියාය. චමිඳු මේ සියලු දේ කරබාගෙන ඔහුට පවරන සියලු දේ කරන්නේය. ඔහුගේ අක්කාගේ හා අයියාගේ මෙම අණ කිරීම් යන්තම් හෝ නවතින්නේ එතෙර සිටින ඔවුන්ගේ පියා ගෙදර පැමිණ සිටින කාලයේ පමණි. ඔවුන්ගේ මවගේ කීමටවත් චමිඳුට මේ පවරන වැඩ නවතින්නේ නැත.
 එක් දිනක ඔවුන්ගේ සීයා ඔවුන් බලන්නට පැමිණියේය. ඒත් සීයාගේ පැමිණීම නිසා වැඩිපුරම කෝපයෙන් සිටියේ චමිඳුගේ අක්කා හා අයියාය. ඒ සීයා චමිඳුට වැඩිපුර ලෙන්ගතු කමක් දැක්වූ නිසාත් පුංචි චමිඳු සීයා සමඟම කාලය ගත කිරීමට කැමතිත් නිසාය. සීයා බුලත් විටක් සපමින් චමිඳුට කතා කියා දුන්නේය, දාං ඇදීමට කියා දුන්නේය. දින කිහිපයක් සීයා ඔවුන් සමඟ නතර වීමට පැමිණි නිසා, චමිඳුගේ අක්කාත් අයියාත් වෙනදාට චමිඳුට කියා කරගන්නා වැඩ තමන් විසින්ම කර ගත යුතු වූ නිසා චමිඳුට පාඩමක් උගන්නන්නට හිතා ගත්‍‍තෝය. මේ අතරේ චමිඳුගේ අයියාට කදිම අදහසක් පහල විය. 
ඔහු සීයා කන බුලත් විටක් හොර රහසේ ගෙන ඊට දුන්කොල හා හුණු වැඩිපුර දමා සෑදුවේය. ඊට පසු ඔහු පුංචි චමිඳුට සීයා වත්ත පහලට ගිය වෙලාවක් බලා තමන් ලඟට ගෙන්වාගෙන බුලත් විටක් කන්න යැයි කීවේය. සීයා විසින් කිසිදාක තමන්ට බුලත් කන්නට නොදුන් බැවින් ඊට ආසවෙන් බුලත් විටින් කෑල්ලක් කෑවේය. ඒත් අසරණ චමිඳු ඒ බුලත් විට ඔහුව මත් කරන්නට දුන් වගක් නොදත්තේය. බුලත් කෑ චමිඳුට ඔහුගේ අයියා අල්ලන සෙල්ලම් කරන්නට එන්න කීවේය. ඊට කැමති වූ චමිඳු තමන්ගේ අයියා සමඟ සෙල්ලම් කිරීමට මිදුලට දිව්වේය. එහෙත් ඔහු මත්වී සිටි නිසා දිව්වේ බේබද්දෙක් මෙනි. චමිඳු දුවන අයුරු දු‍ටු ඔහුගේ අක්කාද අයියා සමඟ එකතු වී චමිඳුට තව හයියෙන් දුවන්න යැයි කියමින් දුවන අයුරු බලා විනෝද විය. ඒත් අසරණ චමිඳු ටික වෙලාවකින් ඇද වැ‍ටුනේය. 
සෙල්ලම ලෙල්ලම වී ඇති බව දැන ගත් චමිඳුගේ අක්කා හා අයියා ඔවුන්ගේ කාමර වල සැඟවුනෝය. වත්ත පහල සිට ආ සීයා බිම ඈද වැටී සිටි චමිඳුව දැක භීතිය පත් විය. සීයා වතුර ටිකක් ඉස ටික වෙලාවකින් සිහිය ආ චමිඳු සිදුවූ දේ පැවසුවේය. එදායින් පසු පුංචි චමිඳුට අක්කාවත් අයියාවත් වැඩ නොපැවරවිය.

(නිර්මාණයක් පමනි)

ප.ලි: මේ මාගේ පලමු කතාවයි. අදහස්, යෝජනා, චෝදනා පහතින් පලකරන්න. ස්තූතියි.

16 comments:

  1. ඇත්තටම හොඳයි අක්කී ලස්සනයි ! ගැටුම් අවස්ථාව ටිකක් මීට වඩා ටිකක් හොඳින් තිබුනනම් හොඳයි කි‍යලා හිතනවා
    ජය !!!!

    ReplyDelete
  2. ‍මෙන්න බොලේ මෙයා කතාවකුත් ලියලා :P ආරම්භය හොඳයි.. දිගටම ලියමු :) ඔන්න අපෙන් සුභ පැතුම් පළවෙනි කතාවට! 

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යොහාන් අයියේ

      Delete
  3. ලස්සනයි දිගටම ලියමු

    ReplyDelete
  4. කතාව කෙටි වැඩියිනේ ,තව ටිකක් වැඩි කරලා ඊලග එක ලියන්න
    පළමු කතාවට අපේ සුබ පැතුම් ...!!!

    ReplyDelete
  5. නියමයි හරිද..තව ලියන්ට..

    ReplyDelete
  6. මට නම් ඔහොම අක්කල අයියල පෙන්න බෑ ..........:/

    ReplyDelete
  7. ශා නියම ආදර්ශමත් කතාවක්
    තව ඒවා ලියන්න

    ReplyDelete
  8. නියම කතාව.අනිත් ලිපිත් කියෙවුවා.නියමයි.ජය !

    ReplyDelete
  9. ලස්සන කතාවක්.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete