Monday, June 4, 2012

ප්‍රති ප්‍රහාරය

මම අද කියන්න යන කතාව සමහර අයට විට හිනා යන එකක් වෙන්න පුලුවන්. ඒත් මේ කතාවෙන් ගොඩක් අයට යම් කිසි පාඩමක් ඉගන ගන්න පුලුවන් කියලා මම විස්වාස කරනවා. මේ කතාව මම ඩයරියේ ලියලා තිබ්බේ නැතත් මේ සිද්ධිය වුනේත් මම නවය වසරේ ඉන්ඳැද්දි. (මට මතක විදිහට)
මමයි සුමුදුයි ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදු ම තමයි ) ඉස්සර වෑන් එකෙන් බැහැලා ගෙදර එන්නේ එකට. අපිට ටික දුරක් පාරේ තනියෙන් ඇවිදගෙන එන්න ඕනේ. මෙහෙම ඇවිදගෙන ආපු එක දවසක් ස්කූල් වෑන් එකක් පාරේ යනගමන් අපි ලඟින් වේගේ අඩුකරගෙන ගියා. අපි ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ. (මේ පාර ප්‍රධාන පාරක් එහෙම නෙමේයි. ගෙවල් විතරක් තියෙන පොඩි අතුරු පාරක්)
මේවගේ කිහිප දවසක් ඔය වෑන් එක ඔහොම කලා. අපිත් මොකුත් කිව්වේ නෑ. ඊට පස්සෙ එක දවසක්  මේ වෑන් එකේ ඩ්‍රයිවර් අපිට මොකද්ද කිව්වා. ඒ කියපු එක හරියට ඇහුනෙ නෑ. එදායින් පස්සේ අපි මේ වෑන් එක ගැන සොදිසියෙන් හිටියේ. ඔය වෑන් එකේ ඩ්‍රයිවර් තරුණ කෙනෙක් නම් නෙමේ.මැදි වයසේ කෙනෙක්. ඒ වගේම ඔය වෑන් එක අපි ලඟින් යද්දි වෑන් එක ඇතුලේ ගොඩක් ලමයිනුත් නෑ. මේක නිසා අපි ටිකක් බයවුනා. දන්නවනේ අද කාලේ මිනිස්සුන්ගේ හැටි?
ඊට පස්සෙ අපි මේ වෑන් එක මඟ හරින්න උත්සහ කලා. මේ වැඩේ හැබැයි අපිට කරන්න ලැබුනේ ටික දවසයි. අපි සුපුරුදු විදිහට ඇවිදගන යද්දි වෑන් එක පස්සේන් ආවා. අපි ගෙවල් වල කිට්‍ටු කරලා තිබුනේ නැති නිසා එතනින් දුවන්න විදිහක් තිබ්බේත් නෑ. ඉතින් ඔය වෑන් එක අපි ලඟට  කිට්‍ටු කරලා එකේ ඩ්‍රයිවර් අපිට ජම්බු වගයක් දික් කලා. අපි ඉතින් වේගේ වැඩි කරලා හයියෙන් ඇවිදගෙන යන්න ගත්තා. ඊට පස්සේ වැන් එක අපිව පහු කරන් යද්දි මොකද්දෝ කියාගෙන ගියා. අපිට ඒ කියපු එක තේරුනේ නෑ. කොහොම හරි ඔයිට පස්සේ දවසක සුමුදු දැකලා තියෙනවා  අපේ ස්කූල් වෑන් එක යන මාදින්නාගොඩ පාරට ඔය වෑන් එක ඒ පාරේ තියෙන වෙන අතුරු පාරක ඉඳන් එලියට එනවා. ඊට පස්සේ අපි නෝට් කලා හරියටම අපේ ස්කූල් වෑන් එක යන වෙලාවට වගේම ඒ වැන් එක අපිට හම්බ වෙනවා.
ඔහොම කොහොම හරි ඊට පස්සේ වාර අවසානේ ඉස්කොලේ නිවාඩු දෙන දවසට අපේ වෑන් එක කට්ටිය පාටියක් ලැස්ති කලා. ඉතින් පාටියක් කිව්වට අපි කරන්නේ මෙගා බීම බෝතල් ගෙනල්ලා එවායේ බීම බෙදා හදාගෙන බීලා ඉතුරු වෙන හිස් බෝතල් වලට වතුර පුරෝලා අපිට වතුර ගහන අයට ප්‍රති ප්‍රහාර එල්ල කරන එකයි. හික් හික් 
කොහොම හරි නිවාඩු දෙන දවසේ ඔහොම විනෝද වෙවී යද්දි අපි කට්ටිය දැක්කා අර වෑන් එක කලින් කිව්ව තැනදී. දැකපු ගමන් කලබල වෙලා මමයි සුමුදුයි කලේ මොකද්ද දන්නවද? අපි බීම බෝතලයක් ඉස්සරහ ඉඳන් හිටපු මල්ලි කෙනෙක්ට දුන්නා අර ඩ්‍රයිවර් ගේ මූණටම ගහන්න කියලා.  ඉතින් මල්ලියත් වැඩේ හරියටම කලා. එවෙලෙ අර ඩ්‍රයිවර්ගේ මූණ මතක් වෙද්දි තාමත් හිනා යනවා. එත් වැඩේ කියන්නේ මමයි සුමුදුයි මල්ලිට දීලා තියෙන්නේ වතුර පුරෝපු බෝතලයක් නෙමෙයි. බාගේට ඉතිරි වෙලා තිබ්බ ජින්ජර් බියර් බෝතලයක්. ඒක අපිට තේරුනේ අර මල්ලි කිව්වට පස්සේ... 
හැබැයි ඒ නිවාඩු දෙන දවස තමයි අපි ඒ ඩ්‍රයිවර් ගේ මූන දැක්ක අන්තිම දවස. ඊට පස්සේ ඒ වැන් එක එලෙව්වේ වෙන ඩ්‍රයිවර් කෙනෙක්. .... 

8 comments:

  1. බලාගෙන ..කරදරයක් නොවුන හන්දා හොදයි.. නැත්නම් එ ඩ්‍රයිවර් එක මතක තියගෙන ආවා නම් පලිගන්න ..අම්මෝ මම නම් පුදුම බයයි ඔය වගේ මොලේ නැති මිනිස්සුන්ට.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කරපු මෝඩ වැඩ.. :[

      Delete
  2. ඒ මිනිහා මොනවද දන්නේ නැහැ අර ඔයාලට කියාගෙන ගියේ කලින්.මොනා වුනත් හරියටම දන්නේ නැතුව ඔය වගේ ගොන් වැඩ කරන එක නම් හරි නැහැ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඒ මනුස්සයා කීවේ නරක දෙයක් ම තමයි... නැත්තන් මොකටද ජම්බු දික් කලේ?

      Delete
  3. හදිස්සියේ අවේ. ආයේ එන්නම් නිවිසැනසිල්ලේ කියවල යන්න හොඳේ

    ReplyDelete
    Replies
    1. ඔහොම හරි ආපු එකට ස්තුති වේවා

      Delete
  4. අම්මෝ නිවාඩු දෙන දවසට වතුර ගහගන්න තරම් තවත් ආතල් එකක් නැහැ ...

    ReplyDelete