Monday, June 25, 2012

Z ස්කොර් නිසා වෙච්ච දේ


අද උදේ අහන්න ලැබුනු නරක ආරංචියක් නිසා තමයි මම මේ හදිස්සියෙන්ම මේක ලියන්න  හිතුවේ. නැත්තන් එකම දවස පෝස්ට් දෙකක් දාන්නේ නෑනේ. කොහොම හරි අද උදේ නඩු තීන්දුවක් දීලා තියෙනවා අපේ Z ස්කොර් එක ආපහු වෙනස් කරන්න කියලා. මමත් කරුමෙට ගිය අවුරුද්දේ තමයි ඒ ලෙවල් කලේ.මදැයි කැම්පස් යන්න බලන් හිටියා. තිබ්බ ස්කොර් එකටත් වඩා අඩු ස්කෝර් එකක් එව්වොත් එහෙම මම ඉඳලා ඉවරයි. මොකද දෙපාරක් ඒ ලෙවල් කරන්න බෑ කියලා ගෙදර අයට කිව්ව නිසා.එත් ඔය එවන Z ස්කොර් එක ඉක්මනට එව්වොත් තමයි හොඳ. මොකද මම ගෙදරට වෙලා මොකුත් නොකර අවුරුද්දක්ම වේලි වේලි හිටියා.ඒ කිව්වට මොකුත්ම නොකර හිටියේ නෑ. ඒත් තව මොනාහරි ඉගෙන ගන්න තිබුනා. මොකද තාමත් සතියේ දවස් හයක්ම ගෙදරනේ.
කරුමේ කියන්නේ අපේ බැච් එකේ කට්ටියමනේ අර ඕ ලෙවල් ගණන් පේපර් එකත් දෙපාරක්ම ලිව්වේ. 1992 ඉපදිලා අලුත් විශය නිර්දේශ වලින් විභාග ලියන්න කාපු කට්ට මතක් වෙද්දි දැන් හිතෙනවා මම තව මාස 3ක් පරක්කු වෙලා ඉපදුනා නම් හොඳයි කියලා.

26 comments:

  1. 2005 දීත් ඔය වගේ වැඩක් වුනානෙ. මුල් ප්‍රතිඵල වලින් යන්න තිබුණ පාඨමාලා වලට ඒ අයව ගත්තා. ඒක නිසා, වැඩිය හිත කළබල කරගන්න එපා :)

    ReplyDelete
    Replies
    1. මේ පාරත් ඔහොම වුනොත් හොඳයි

      Delete
  2. හැමදේම සුභවාදී ලෙස සිදුවී,කැම්පස් යන්න වාසනාව උදාවෙන්න කියලා පාර්ථනා කරනවා... :)

    ReplyDelete
  3. අපෝ මතක් කරන්න එපා ඔයාත් අනු දෙකේද ..එකේ ඉපදුනු උන් ඔක්කොටම මොකක්ම හරි ජංජාලයක් හැමදාම කඩන් පාත් වෙනවා..

    ReplyDelete
  4. මටත් ඕකමනේ උනේ. අලුත් ක්‍රමේට CAMPUS අහු උනේ නැත්නම් මල කෙලියයි. දැන් පාඩම් කරන්න කාලෙකුත් නැහැනේ.

    ReplyDelete
  5. මටත් ඕකම තමයි උනේ. අලුත් z score එද්දි තියන merit markz නැති උනොත් එපා වෙනවා.

    ReplyDelete
  6. new syllabusඅයට මෙපාර වාසි වෙයි වගෙ.අපිට තමයි මැරෙන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒවුනාට අපි ෆස්ට් ශයිනේ...දෙගොල්ලන්ටම සම සම වුනොත් හොඳයි...

      Delete
  7. හැමදේම හරියාවි මල්ලා.....

    ReplyDelete
  8. ඔයත් මගේ වයසේමනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ වයසේ කියලා මම දන්නේත් දැන්

      Delete
  9. වෙලාවට අපි කලින් ඉපදුනේ :P මොනා උනත් ඔක්කොම හොඳ විදියට වේවි.. නංගී බය නොවී ඉන්න..

    ReplyDelete
  10. ලංකාව පාලනය කරන ලොකු මාමල ඉන්නකම් රටට දෙයියන්ගේම පිහිටයි

    ReplyDelete
  11. මොනවයි කොලේ ඇඩ්වාන්ස් ලෙවල් එකට??
    ඔය ඇස්බී මාමා නොකියා කියන්නේ සල්ලි දීලා ඉගෙනගනියව් කියල නේ නගේ.. :))

    ReplyDelete