Wednesday, July 11, 2012

ඉතිරි සල්ලි දෙන්නේ නැත්තේ ඇයි?



මම මේ කතාව ලියන්න හිතුනේ මම ඊයේ ඉස්කෝලෙට චරිත සහතිකේ වැඩ වගයකට ගියපු වෙලාවේ බුක්ශොප් එකේදි වුන දෙයක් නිසායි.
ඉතිරි සල්ලි කියන වචනේ ඇහුව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ බස් වල කොන්දොස්තරලයි. ඒත් මම කතා කරන්න යන්නේ මූලිකවම ඒ අය ගැන නෙමෙයි.
මේ අත්දැකීම මම ඉස්කෝලේ යන කාලය පුරාම අත් වින්ද දෙයක්.  මම මුලින් ගියපු ඉස්කෝලෙත් ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලෙත් තිබුන කැන්ටින් එකෙත් , කැෆේ එකෙත් , බුක් ශොප් එකෙත් මොනව හරි සල්ලි වලට ගත්තහම ඉතිරි සල්ලි කාසි වලින් දෙන්න ඕන ගානක් නම් කාසි වෙනුවට හම්බ වුනේ ටො‍ෆි (දැන් නම් මෙන්ටොසුත් දෙනවා ). මම මුලින් ටො‍ෆි කන්න කැමති වුනත් පස්සේ ටො‍ෆි කන එකත් එපා වුනේ මේ ඉතිරි සල්ලි වෙනුවට ටො‍ෆි හම්බ වෙනවා වැඩි නිසයි. 
මට තාම මතකයි දවසක් ඉස්කෝලේ කැටේකට දාන්න සල්ලි දාන්න රුපියල් දහයක් මාරු කරගන්න පන්ති වටේ රවුන් ගහපු හැටි. මොකද අපේ පර්ස් වල කාසි වෙනුවට ටො‍ෆි නේ තිබුනේ. මුලින් ගියපු ඉස්කෝලෙදි සමහර වෙලාවට තරහ ගිහිල්ලා කැන්ටිමේ ඇන්ටිලා/අක්කලා එක්ක ඉතිරි සල්ලි කාසි වලින් දෙන්න කියලා යාලුවෝ එක්ක එකතු වෙලා රණ්ඩු වෙලාත් තියෙනවා. ඒත් වැඩක් වෙලා නෑ. 
මම ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලේ බුක් ශොප් එකේ කන දේවලුත් විකුනපු නිසා තමයි අපිට ඉතිරි සල්ලි වෙනුවට ටො‍ෆි හම්බ වුනේ. ඒත් මම මුලින් ගියපු ඉස්කෝලෙ බුක් ශොප් එකේ එහෙම නැති නිසා දවසක් ඉතිරි රුපියල් පහ වෙනුවට මකනයක් හම්බ වුනා. (ඒක නම් නරක දෙයක් නෙමෙයි) ☺
මේ ටො‍ෆි නිසා වෙච්ච අනික් අවාසිය තමයි අපි බස් එකේ පන්ති යද්දි බස් එකට ගානට සල්ලි දෙන්න බැරිවෙනවා. මොකද සමහර බස් වල ඉතිරි සල්ලි ලැබෙන්නේ නෑනෙ. ඒ වෙනුවට මොකුත්ම ලැබෙන්නේත් නෑනේ.

22 comments:

  1. අපි මහින්ද මාමිට කියමු.... !!!

    ReplyDelete
    Replies
    1. මේවා ඉස්කෝල ඇතුලේ වෙන දේවල් නේ...වැඩක් වෙන්නේ නෑ

      Delete
  2. එන්න කැම්පස්...අන්තිම සත පනහත් අපි ඉල්ලගන්නවා කැන්ටිමෙන්

    ReplyDelete
    Replies
    1. මල්ලිලව අතහැරලා ඉතුරු සල්ලි ගැන වර්ජනයක් දියත් කලොත් මොකද..?

      Delete
    2. එන්න ලැබෙයිද දන්නේ නෑ මේ Z ස්කෝර් විකාර නිසා

      Delete
  3. මම හිතන්නේ මේ අලුත් ව්‍යාපාර කලාවක් කියලා. නිකම් හිතලා බලන්න ඔහොම බලෙන් ඇගේ ගහන ටොෆී වලින් කීයක් උපයනවා ඇතිද කියලා දවසකට. ජය...!

    ReplyDelete
    Replies
    1. ඒකනේ...අපේ අතින් තමයි අන්තිමට සල්ලි වියදම් වෙන්නේ...

      Delete
  4. බස් වල ඉතුරු සල්ලි දෙන්නේ නැතුව යද්දී කොන්දොස්තර අයියා මිනිස්සුන්ගෙන් අම්බානක බැනුම් අහන හැටිත් දැකල තියනවා. කොච්චර ඉල්ලුවත් ඉතුරු නොදී ඉඳපු බස් කොන්දොත් දැකල තියනවා. මම දවසක් පත්තරේක දැක්ක බස් එකකත් ඉතුරු සල්ලි වෙනුවට ටොපි දීපු මනුස්සයෙක් ගැන කොමිසමට පැමිණිල්ලක් කරලා තියන වගක්. ඒ මනුස්සය ඉතුරු වෙනුවට ටොපි දීල එකෙනුත් ගානක් කපාගෙන. කියන්න කතා බොහොමයි ඉතින් ඉතුරු සල්ලි ගැන නම්

    ReplyDelete
    Replies
    1. ඔය ටො‍ෆි කතාව ඇහුවෙත් අදයි :O

      Delete
  5. අපි ඉස්කෝලෙ යන කාලෙ අපිටත් හම්බුනේ ටොපි තමා අපිට නම් ඉතින් ගානක් නෑ කාල දානව :D බස් වලදි නම් හැබැයි හැමදාම ඉතුරු හම්බෙලා තියේ.. මම වැඩිය බස්වල යැවෙන්නෙ නැහැනේ.. ගොඩක් වෙලාවට කෝච්චිය තමා.. ඒවයි නම් ඉතුරු දෙනවා ගානට අනික රවුන් ගනන්නෙ තියෙන්ත් :P

    ReplyDelete
    Replies
    1. ටො‍ෆි කන්න කැමතියි වගේ නේ :P

      Delete
  6. වැඩිය ටොෆි කන්න එපා සුගර් හැදෙයි.

    ReplyDelete
    Replies
    1. මම කන කෑම හැටියට දැනටමත් දියවැඩියාව තියෙනවද දන්නෙත් නෑ

      Delete
  7. 'මම මුලින් ගියපු ඉස්කෝලෙත් ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලෙත් තිබුන කැන්ටින් එකෙත් , කැෆේ එකෙත් , බුක් ශොප් එකෙත් මොනව හරි සල්ලි වලට ගත්තහම ඉතිරි සල්ලි කාසි වලින් දෙන්න ඕන ගානක් නම් කාසි වෙනුවට හම්බ වුනේ ටො‍ෆි (දැන් නම් මෙන්ටොසුත් දෙනවා )'

    මේ ටිකට හිනත් ගියා..:)

    ReplyDelete
  8. Next time in Bus give the conductor less For e.g.Rs.10 for Rs.12 ticket, when he asks for other Rs.2 say "දැන් මාරු නෑ අයියේ බහිනකොට දෙන්නම්" :P

    ReplyDelete
  9. අයියෝ ඔව්ව් ඉතුරු සල්ලි දෙන්නේ ගොඩාක් අඩුවෙන් තමයි

    ReplyDelete
  10. නීතීයෙන් තහනම් ඔය ටොපි දෙන වැඩේ ,දඩය රු 2500 ක්ද කොහෙද ...

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්තද? හොයලා බලන්න ඕනේ

      Delete
  11. අපිටත් එහෙම්මම තමා අක්කේ

    ReplyDelete